පොහොර තහනමේ ගැසට්ටුව වැරදි උපදෙස් මත සිදුවූවක්

0
රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසයි.
වත්මන් තත්වය පිළිබදව ජනාධිපතිවරයා අමාත්‍යවරුන් පර්යේෂකයන් සහ පරිපාලකයන් සාකච්ඡා කර වර්තමාන ගැටලුව විසඳිය යුතු බවට ද එහි දී සාකච්ඡා වී ඇත. විෂ සහිත පොහොර වෙනුවට ඉහළ ප්‍රමිතියකින් යුතු ජෛව පොහොර භාවිත කළ යුතු බවට එහිදී සාකච්චා වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ රජය හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට උපදෙස් ලබාදීමේ දී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට තමාද දායක වූ බව ද ඔහු පැවසුවේය.
එම නිසා, කෘෂිරසායනික භාවිත කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා වෙනුවට ඉහළ ගුණත්වයෙන් යුතු පරිසර හිතකාමී පැළෑටි පෝෂක ආනයනයට අවසර දිය යුතු යැයි ද ඔහු පැවසුවේය. එම ගැසට් නිවේදනය එලෙස නිකුත් කර තිබුණේ නම් අද රටේ තත්ත්වය වඩාත් යහපත් එකක් වනු ඇති බව ද මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පැවසුවේය