කොවිඩි වසංගතය ගැන අවධානය ගිලිහිලා

0
අද වනවිට අප රට තුල ජනතාවගේ සංචරණයන් ඉතාමත්ම නිදහස්ව සිදුවන බැවින් ජනතාවට කොවිඩි වසංගතය ගැන අවධානය ගිලිහී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා පවසයි.
තවම දෛනික ආසාදිතයන් ගණන 600 සීමාවේ තිබේ. නමුත් එන්නත්කරණය නිසා බොහෝ විට රෝග ලක්ෂණ පෙන්වීම අඩු වී ඇත. එම නිසා සමාජය තුල රෝග ලක්ෂ නැති ආසාදිතයන් බොහෝ දෙනෙක් සිටී ය හැක.
එම නිසා ඔවුන් හඳුනා ගැනීමට අවදානම් කලාප වල හා අහඹු ලෙස පරීක්ෂණා සිදු කිරීම කල යුතුත් එමගින් ඔවුන් හඳුනාගෙන වෙන්කර තැබීම හා එම කුඩා පොකුරු හුදකලා කිරීම් සිදුකල හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් මෙසේ ද පැවසුවේය.
85% පමණ එන්නත් කරණය කල සිංගපුරුව වැනි රටවල් විවෘත කිරීම තුල දැන් දෛනික ආසාදිත සංඛ්‍යාව නැවතත් 3000 සීමාව ඉක්මවා යමින් පවතී
එම නිසා අපද ඉතා සැලකිල්ලෙන් තවදුරටත් වෛරස පැතිරීම  පාලනය කිරීම සඳහා හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු ය. ඒ සඳහා ජනතාව නිරන්තරයෙන් නිවැරදි සංඛ්‍යා ලේඛණ මගින් දැනුවත් කර නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමට උනන්ද කළ යුතුය. බොහෝ කැපකිරීම් කර අප ලඟා කරගත් මේ තත්වය තවදුරටත් සාධනීය මට්ටමක් කරා ගමන් කරවීමට සියලු දෙනා එක්ව කටයුතු කලයුතුය. සෞඛ්‍ය අංශවලට පමණක් වගකීම බාරදී ජනතාව නොසැලකිලිමත් ව කටයුතු කලහොත් ඉදිරිය සුබදායක නොවනු ඇත. ලෝකයේ අපට වඩා එන්නත්කරණයෙන් ඉතා ඉහලින් සිටින USA, ඊස්‍රායලය, සිංගප්පුරුව ආදි රටවල නැවතත් covid 19 වසංගතය හිස ඔසවන අයුරු පෙනේ. එබැවින් අප ද මේ මොහොතේ කොවිඩි වසංගතය අවසානයි කියා නොසිතා ඉතා බුද්ධිමත් ව කටයුතු නොකල හොත් ඉදිරියේදී නැවතත් රැල්ලක් ඇති වනු ඇත. තවමත් විනෝද චාරිකා යෑමට තරම් සුදුසු වාතාවරණයක් අප රටේ නැත
එබැවින් ජනතාව සංචරණය සිදුකල යුත්තේ අත්‍යවශ්‍ය කාරණ, සඳහා පමණි. එම නිසා රජයත් මේ අවස්ථාවේදී මේ තත්වය පිළිබඳව දැඩිලෙස අවධානය යොමු කල යුතු ය.