උඩරට විවාහ සහ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත් සංශෝධනයට

0
උඩරට විවාහ සහ දික්කසාද පනතේ අදාළ අනුකූලතාවයන් ඉවත් කොට ඒ සදහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සදහාත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව 1997 අංක 12 දරණ විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත මගින් විවාහය ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 22 වන වගන්තිය සංශෝධනය කර ඇත.
ඒ අනුව බාල වසස්කරුවන්ගේ විවාහය සදහා දෙමාපිය කැමැත්ත අවශ්‍ය බවට නියම කර තිබේ. උඩරට විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය වෙයි.
නව සංශෝධනය අනුව එම වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා ඉහළ දමා තිබේ.
ඊට අමතරව මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම සදහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබේ.