වයඹ සහ නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ නිරීක්‍ෂණයට

0

තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ මහතාසංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරීක්‍ෂණය කිරීම සඳහා ඔක්තෝබර් 12 සහ 13 යන දෙදින තුළ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වුණා.

මහවැලි ජලය සුරක්‍ෂිත ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වයඹ මහ ඇල ව්‍යාපෘතියේ පොල්පිතිගම, ඉරුදෙිණියාය මහකිතුළ ගබඩා ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සඳහා ගරු  අමාත්‍යතුමන් ඊයේ (12 ) දින සහභාගී වුණා. ගරු අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ මගපෙන්වීම හා ගරු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ අධික්‍ෂණයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. මෙම අවස්ථාවට ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ගරු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්වුණා.

ගරු අමාත්‍යතුමන් එදිනම  නැබඩගහවත්ත සිට මහකිතුල ජලාශය හි ජල සැපයුම් උමඟ දක්වා දිවෙන ප්‍රධාන ඇළ මාර්ගය හි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය සඳහා එක්වුණා. මෙම ව්‍යාපෘතිය ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ, ගරු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ අධීක්ෂණය මත, වාරිමාර්ග අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කෙරෙනවා. මෙම අවස්ථාවට ගරු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ඉන් පසුව ගරු නාමල් රාජපක්‍ෂ අමාත්‍යතුමන් කන්තලේ සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට  සහභාගී වුණා. එහිදී කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ වර්තමාන තත්ත්වය ඇමතිතුමන්ගේ නිරීක්‍ෂණයට යොමු  වු අතර එය නැවත කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව ගරු අමාත්‍යතුමන්ගේ අවධානය යොමු වුණා. මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරළ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු එක්වී සිටියා.

අද (13) දින පෙරවරුවේ පොතුවිල්, විස්කි පොයින්ට් ප්‍රදේශයේ නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් 10 ක් සඳහා වෙන්වූ නිවාස යෝජනා ක්‍රමයක් ගරු අමාත්‍ය නාමල් රජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතාගේ ද සහභාගිත්වයෙන්, අද දින කිරීමට පියවර ගනු ලැබුවා.

ඉන්පසුව අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ගම්මානයේ ඉදිකළ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනය ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතාගේ ද සහභාගිත්වයෙන්, විවෘත කරනු ලැබුවා. මෙය ඉදිකර තිබෙන්නේ ගරු රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගිනි.

අමාත්‍යතුමන්ගේ අම්පාර දිස්ත්‍රික් සංචාරය අතරතුර  සයින්දමරුදු තරුණ මධ්‍යස්ථානය හි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. තරුණ මධ්‍යස්ථානයේ පහසුකම් වැඩිදියුණු කිරීමටත් පරිගණක ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍යඋපකරණ සැපයීමටත් අවශ්‍ය කටයුතු සිදුකිරීමට ගරු අමාත්‍යතුමන් මෙහෙදී නිළදාරීන්ට උපදෙස් ලබා දුන් අතර මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා ද සහභාගි වුණාා.

කල්මුණේ මරුතාමුණ් 65 මීටර් නිවාස යෝජනා ක්‍රමය හි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්, ප්‍රතිලාභීන් සඳහා නිවාස නිදහස් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙම නිවාස යෝජනා ක්‍රමය වසර දහයක් තිස්සේ ක්‍රියාත්මක කිරීම අතහැර දමා තිබූ එකක්. මෙම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා ද සහභාගී වුණා.

අමාත්‍යතුමන් අද පස්වරුවේ කිතුල් – උරුගම වේල්ල සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා සහභාගී වුණා. මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී. වීරසිංහ, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්,  එස්.වියලේන්ද්‍රන්, තිලක් රාජපක්ෂ යන මහත්වරුන් එක් වුණා.