ඉන්ධන මිලත් ඉහළට ද?

0
ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථා සභාපති සභාපති ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී. සුමිත් විජේසිංහ මහතා පැවසුවේය. ඒ අනුව ඔහු පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාව රුපියල්  බිලියන 70ක පාඩුවක් ලබා ඇති බැවින්, ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බවය
මේ අතර අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල ඉහළ දමා තිබේ. ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10කින් ඉහළ නංවන බව ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සඳහන් කළේය.
මේ අතර ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ප්‍රකාශ කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,750කි.එමෙන්ම කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 520ක් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

ගෑස් මිල වැඩිවීමත්  සමඟ සියලු බේකරි සහ ආපන ශාලා කෑම වල මිල ඉහල දැමීමට සිදුවන ආපන ශාලා හිමියෝ පැවසුහ. ඒ අනුව ඉදිරියේදී සියලුම කෑම බිම මිල ඉහළ යනු ඇත