හිටපු ජා.කොටි නායක කේ.පී ජනපති හමුවීමේ සුදානමින්

0
ජනාධිපතිවරයා දෑත් දිගු කළ අවස්ථාවේ ඉන් ප්‍රයෝජන ගත යුතු බව කොටි සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායක කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් පවසයි.
කොටි ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කිරීම මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දූරදර්ශීභාවය සනාථ වන බව කොටි සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකවරයා පැවසු අතර වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ  සියලු ප්‍රශ්න එකවර නොවිසඳෙනු ඇති බවය
කොටි සංවිධානයේ වත්කම් තමා සතුව ඇති බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නොමැති බවත් එවැනි වත්කම් තිබුණේ නම් ජනතාව විනාශයෙන් ගළවා ගැනීමට තිබූ බවත් කුමරන් පද්මනාදන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
මෙම අවස්ථාව මග ඇරීම නොකළ යුතු බවත් තරුණ පරපුර වෙනුවෙන් එකතු වී කටයුතු කරන ලෙස දෙමළ දේශපාලන නායකත්වයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කරයි.