ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල?

0
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලාෆ් හා ලිට්රෝ ගෑස් සමාගම් පවසයි. ගෑස් සඳහා පැවැති මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමටද සමාගම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (8දා) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී එකඟත්වය පළ කර ඇත.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික්ටොන් එකක මිල ඇමෙරිකා ඩොලර් හත්සිය අනූ හය (796) දක්වා වැඩි වී ඇත. ඒ අනුව රුපියල් දහසකින්වත් ගෑස් මිල වැඩි කළ යුතු බව සමාගම් පෙන්වා දී ඇතිමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යෝජනා කර ඇත්තේ ගෑස් මිල රුපියල් පන්සිය පනහකින් වැඩි කළ යුතු බවයි.
කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් දෙසීයකින් වැඩි කිරීමට නියමිතය. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් කිරිපිටි සමාගම් අතර පැවැති සාකච්ඡාවකදී සමාගම් ප්‍රකාශ කර ඇත්තේ කිරිපිටි මිල රුපියල් තුන්සිය පනහකින් වැඩි කළ යුතු බවයි.