වැස්ස එක්ක ඩෙංගු වැඩි වීමේ අවධානමකුත්

0
වයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එමෙන්ම සක සහිත රෝග ලක්ෂ තියෙනවා නම් අවශ්‍ය ප්‍රතිකාර ගන්නා ලෙසට ද එහි සභාපති උපුල් රෝහණ පැවසුවේය. පවතින තත්ත්වය හේතුවෙන් මදුරුවන් බෝවන අයුරින් පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කරන බවයි.
කොවිඩ් වසංගත තත්ත්වය පවතින අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම වඩාත් වැදගත් වන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේය.  කොවිඩ් සමග ඩෙංගු වැඩි වුනොත් විශාල ගැටළු කාරී තත්වයකට මුහුණ දීමට සිදුවන බව ද ඔහු අවධාරණය කළේය.