යොහානිට එරෙහිව දෙමළ ඩයස්පෝරාව නැඟී සිටියි

0
යොහානි ද සිල්වා ලොව පුරා ජනප‍්‍රිය වීමත් සමඟ ඇගේ පියා වන ප්‍රසන්න ද සිල්වා මහතා යුද අපරාධරුවකු බව කියමින් කොටි හිතවාදී කණ්ඩායම් ඇයට එරෙහිව විවිධ ප‍්‍රචාර පැතිරවීම ආරම්භ කර ඇති බව දක්නට තිබේ.
කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයන් ට්විටර් සහ විවිධ සමාජ මාධ්‍ය හරහා විවිධ ප‍්‍රකාශ පළකරමින් සිටිති. එසේ වීමට හේතුව  ඉන්දියානුවන් යොහානිට වසඟවීම විය හැකිය
ඉන්දියාවේ දකුණු දිග ප‍්‍රාන්තවල තමිල්නාඩුවේ කේරළයේ පවා මැණිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනපි‍්‍රය වී ඇත.
යොහානි දිල්ලියේ මෙන්ම හයිද්‍රාබාදයේ ද පැවැත්වූ ප‍්‍රසංග ඉතා සාර්ථක වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.