Political Fact /දේශපාලන කතාබහ

0
By : අශන්ති වරුනසුරිය
PCR වැඩේ නතර කළේ මෙහෙම
සංචාරක නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාව අවසන් වූ වහාම ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගට වහාම දුරකථන ඇමතුමක් ලබාගත්තේය. ඒ වනවිට ඇමති ප්‍රසන්න රණතුංග හිටියේ සිය අමාත්‍යංශයේය.
‘’  ඔන්න ඇමතිතුමා අපි  සංචාරකයන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා. ’’ කෙහෙළිය කීවේය.
‘’  ඒ මොකක්ද ? ’’ ප්‍රසන්න ඇසුවේය.
‘’  අපි වැක්සීන් දෙකම ගහලා ලංකාවට එන අයට පී.සී.ආර් කරන එක නතර කලා.  ’’ කෙහෙළිය කිවේය.
‘’ ඒක නම් හොඳයි ඇමතිතුමා. අපි ගුවන්තො‍ටුපලේ පී.සී.ආර් එක පටන් ගත්තෙත් ලංකාවට සංචාරකයන් ගෙන්වා ගන්නනේ. පැය 3කින් රිපෝට් එක දෙන්නයි අපි ඒක හැදුවේ. ඕකේ දෙපැත්තක් තියෙනවා. සංචාරකයන්ගේ පැත්තෙන් වගේම විදෙස් ගත ශ්‍රමිකයන් පැත්තෙන් බැලුවොත් ඕක හොඳයි. හැබැයි කොවිඩ් පැත්තෙන් ගත්තොත් ඕක ගැන විවිධ පැති එයි. මොකක් වුනත් රටට හොඳම දේයි සිද්ධ වෙන්න ඕනේ. ’’ ප්‍රසන්න පැහැදිලි කලේය.
SJB කෙනෙක්ට අගමැති කතා කරලා හිනා වෙලා 
සමඟි ජන බලවේගයේ පාඨලී චම්පික රණවක පසුගියදා CID කැඳවා තිබූ අතර මේ ගැන බෙහෙවින්ම කතා බහට ලක්විය. පාඨලී සමඟ නිතරම මනුෂත් සිටින අයුරු දැක ගත හැකි විය. ඒත් රාජිත ඇතුළු කණ්ඩායම නම් පාඨලී ගේ තනියට ගිය බවක් දක්නට තිබුණේ නැත. ඒ අනුව පැවසුවේ රාජිත අනිත් සෙට් එකත් එකතු කරන ඉදිරි කැම්පේන් එක ඒ දවස් කිහිපයේ සුදානම් කල බවයි. කොහොමහරි මනුෂ නානායක්කාරත් පසුව CID කැඳවා තිබිණි.
පසුගියදා මනුෂ නානායක්කාරගේ උපන්දිනය යෙදී තිබිණි. උදේම මනුෂට ආපු කෝල් එක ” මනුෂ සුභ උපන්දිනයක්!!
උපන්දිනේට පළමුවෙන්ම ආපු සුභපැතුම් කෝල් එකට උත්තර දුන් මනුෂ “ස්තුතියි අගමැතිතුමා” ඒ කෝල් එකේ එහා පැත්තේ සිටියේ අගමැති මහින්ද රාජපක්ෂය. ” මනුෂ මොකද කරන්නේ ?
අපි ඉතින් නඩුවේ අඩුපාඩු හොයාහොයා විවේචනය කරමින් ඉන්නවා …
ඒක හොදයි කියූ අගමැති මහා හඬින් සිනාසී නැවත සුභ පතා කෝල් එක කට් කළේය.
සමඟි ජන බලවේගයේ  කළමනාකරණ කමිටුවව පසුගියදා සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රැස්විය. “අපි පර්ලිම්නේතුවේදී මොනාද කතා කරන්න ඕන ? සජිත් කතාව පටන් ගත්තේය. කිරිඇල්ල, රාජිත, මනුෂ, මරික්කාර්, රංජිත් ඇතුළු පිරිසට සජිත් ආරාධනා කර තිබිණි.
“පොහොර, යුගදනවී ගැන අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්” සජිත් මෙන්න මෙහෙම කියන යනවිට මැදින් පැන්න රාජිත ” අර දේවස්ථාන වලට ගහනවා කියලා නාවික හමුදාවෙන් ගිහින් කිවුවනේ ආරක්ෂාව සම්බන්දයෙන් තර්ජනයක් තියෙනවා කියලා. ඒවගේම එහෙම එකක් ඥානසාර හාමුදුරුවෝ ත් කිවුවා. මේක නම් එහෙම හොද දෙයක් නෙමෙයි ….
“එවගේද මාධ්‍යවේදීන්ගේ, දේශපාලඥයින්ගේ දුරකථන සංවාද වලට සවන් දීමේ සුදානමක් තියෙනවා. මේක හොද තත්වයක් නෙමෙයි, අපි මේකත් පාර්ලිමේන්තුවේදී කතා කරන්න ඕන. රාජිත මෙහෙම කියද්දී සජිත් මෙසේ පැවසීය. “ඉන්දියාවේත් ඔය වගේ ප්‍රශ්නයක් වුනා. ඒකට මැෂින් එකක් ගෙනල්ලා තිබබා. දන්නවා ද ඔය මැෂින් එකක වටිනාකම රුපියල් බිලියනයක් වගේ වෙනවා…
රාජිතගෙයි සජිත්ගෙයි කතාව මැද්දට පැන්න සරත් ෆොන්සේකා, “මොන පිස්සුද ඒ මැෂින් එකක් බිලියනයට වඩා වැඩියි ” යනුවෙන් උත්තර දුන්නේය.
“රිෂාඩ් වගේම අසාද් සාලි, අනෙක් දේශපාලන සිරකරුවන් ගැන අපි කතා කරන්න ඕන ඔවුන් සමගි ජන බලවේගය මේ තැනට ගෙන්න සැහෙන්න උත්සහ කල අය ..රාජිත එසේ කියද්දී  “මම යුරෝපා සංගමයේ සාමාජිකයින් හම්බ වුන වෙලේ මම මේ ගැන කතා කළා”  සජිත් කිවේය.
“බොහොම ස්තුතියි ඔබ ඒ ගැන කතා කලාට” රාජිත සජිත් ට ස්තුති කළේය.
“ඔව් මම GSP + ගැනත් කතා කළා” සජිත්
“දැන් බලන්නකෝ එන්නත්කරණය. මේ එන්නත්කරණය සිද්ධ වෙන්නේ දේශපාලන හිතවතුන්ට ආචාර්ය හරිෂ ද සිල්වා රැස්වීම අමතමින් කතා කළේය.
“එවිතරක්ද බලන්නකෝ මාධ්‍යවේදීන් මන්ත්‍රීවරුන් CID එන්න කියනවා. අපි මේවා කතා කරන්නත් ඕන” රාජිත කීවේය.
“ඇයි දැන් සරත් වීරසේකර කියන්නේ එහෙම කරන්න එපා කියලා” සජිත් එහෙම කියනකොට පැන්න රාජිත “අගමැතිත් කරන්න එපා කිවුවා. සරත් කියනවා මම දන්නේ නැහැ කියලා. ඉතින් ඊටත් වඩා ඉහළින් ආපු බලවේගයක් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ.. සරත් ෆොන්සේකා කිවේය.
“මම මාධ්‍යවේදීන්ටයි මාධ්‍ය ආයතනවලටයි කතා කරලා කිවුවා අවශ්‍ය නම් කියන්න අපි නීතිමය සහාය දෙන්න සුදානම් කියලා”.. සජිත් කිවේය.
මේ කතා එක්ක තවත් කතාවක් මෙසේ පැතිරිණි. ඒ තම නිවසේ මාසික වාරිකය ගෙවා ගැනීමට නොහැකිවූ මන්ත්‍රීවරයෙකු අවසානයේදී සිය බිරිඳගේ රත්ත්‍රන් භාණ්ඩ උකස් කර නිවසේ වාරිකය ගෙවා දැමු බවයි. ඒ රාජිත සේනාරත්නය. ඔහු වෙසෙන කෝට්ටේ නිවස මෙම අකරතැබ්බට මුහුණ පා තිබිණි.
හරීන් දුන් පණිවිඩය 
හරීන් මේවන විට රෝහල් ගතව සිටියි. එහිදී ඔහුගේ මාංශ පේශි වල ඇතිවූ වේදනාවක් නිසා ඔහු වෛද්‍ය උපදෙස් වලට යොමුවීමෙන් මෙලෙස හදවත් සැත්කමක් කල යුතු බවට ලැබුණු වෛද්‍ය උපදෙස් මත ඔහු ශල්‍යකර්මයක් සඳහා යොමු විය. පොඩි කැක්කුමක් නිසා හදවත් සැත්කමක් කරන්න සිදු වීම සුළුපටු දෙයක් නොවේ.
කෙසේවෙතත් අවසානයේදී කැක්කුමක් වේදනාවක් දැනුණ විට ගණන් නොගෙන ඉන්න අයට හරීන් ගෙන දුන්නේ ප්‍රබල පණිවිඩයකි.
එජාපය පක්‍ෂය ශක්තිමත් කරන්න අභ්‍යන්තර කතාවක 
එක්සත්ජාතික පක්ෂයේ සාමාජිකයින් රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එකතු වෙලා රටේ ප්‍රශ්න කතා කළේය. එහිදී රට විවෘත වීමත් සමඟ සංචාර සිමා, රටේ ඉන්ධන ගැටලුව, විදෙස් ශ්‍රමික ගැටළු මෙන්ම පක්ෂේ ඉදිරි වැඩත් කරන්නේ කොහොමද කියලා කතා කළේය. එහිදී රටේ ඩොලර් ගැටලුවද ප්‍රධාන වශයෙන් කතා කළේය. ඒවගේම එජාපෙ විශේෂ සාකච්චාවක් ඉකුත්දා සදුදා දවසක සිරිකොතේ පැවැත්වුනේ වජිර සහ රංගගේ ප්‍රධානත්වයෙනි. එහිදී එජාපය පසුගියදා පත්කළ කමිටුව වල ඉදිරි ගමන පක්ෂයේ ඉදිරි පියවර ගැන සාකච්චා කළේය.
ඖෂධ නියාමක කොමිසම කියන්නේ මේ දින වන ප්‍රධාන වචනයකි. එහි අධ්‍යෂවරයා පසුගියදා විශ්‍රාම ගියේය. ඔහුට විශ්‍රාම යන වයස ඉක්මවා වසර 3ක් සේවය කිරීමෙන් පසුව මෙලෙස ඔහු විශ්‍රාම ගියේය. ඔහුගේ සමු ගැනීමට පොඩි උත්සවයක් ඖෂධ නියාමන කොමිසමේ එළිමහනේ සුදානම් වීය. එසේ එය සුදානම් කර ඇත්තේ වර්තමාන සභාපති කියලත් සඳහන්
ජවිපෙ සම්පුර්ණයෙන්ම ජනතාව දැනුවත් කරමින් වටේ යමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ලබන සදුදා මුණ ගැසී නියමිතය.  එදිහි විශේෂයෙන් රට විවෘත කිරීමෙන් පසු රට යන ඇත මෙන්ම යුගදනවී බලාගාරය ගැන කතා කරන බව කිවේය.
2020 ඔබට අයවැයක් සුදානම මෙහෙම 
අයවැය සඳහා ගමේ යෝජනා ලබා ගැනීමේ අරමුණින් “2020 ඔබට අයවැය” නමින්  වැඩසටහන් මාලාවක් ඉකුත් සතිය ආරම්භ විය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම  වැඩසටහන් මාලාව මගින් ගමේ ආර්ථිකය නැංවීම හා ගම සංවර්ධනය කිරීම  හරහා ජාතික ආර්ථිකය නැංවීම බලාපොරොත්තු වේ.
එහි පළමු පියවර වශයෙන් සෑම පළාත් පාලන ආයතනයකම  පක්ෂ  ක්‍රියාකාරිකයින් හමු වී ගම සමග පිළිසදරක්  පැවැත්වීම සිදු කෙරේ.
මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය දැනුවත් කිරීම බාර දී ඇත්තේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාටයි. ඔහු ඉකුත් සෙනසුරාදා පළමුව කැස්බෑව ආසනයේ පක්ෂ ක්‍රියාකාරිකයින් හමුවිය.  දෙවනුව තිබුණේ මොරටුව පක්ෂ ක්‍රියාකාරිකයින් හමුවීමටයි.  සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරුන් ද අවස්ථාවට එක්ව සිටියහ. මොරටුවේ උත්සව ශාලාවක මෙම පිරිසට දිවා ආහාරය සූදානම් කර තිබිණි.
දිවා ආහාරය සඳහා එම ස්ථානයට යන විට ප්‍රේමනාත් දොලවත්ත  මොරටුව නගරාධිපති සමන්ලාල් සිල්වා මහත්වරු එතැනට පැමිණ සිටියහ.
ඒ වන විට දෙදෙනා අතර දේශපාලනික කතාබහක් ඔස්සේ ඇති වාදය අවසන් වූවා පමණි. පැමිණි පිරිස පිළිගත් සංවිධායකයෝ දහවල් ආහාරය ගන්නා අතර නැවතත් දේශපාලන කතා බහ ඇති විය.
ඒ කතාබහ අතරමැදින් කතා කළ සංචාරක අමාත්‍යවරයා ” මොන ප්‍රශ්න තිබුණත් අපි අතර වාද ඇති වෙන්න බැහැ. අපි අතර වාදයක් ඇති වුනොත් එයින් ප්‍රයෝජනය ගන්නෙ අනිත් අය. වැඩිපුරම 3% කට්ටිය. අපේ අදහස් අතර මතවාද වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට අපි හැමෝම එක්ක ගමනක් යන පිරිසක්. එකට එකතුවෙලා පක්ෂය ශක්තිමත් කරන්න ඕනේ. පක්ෂය ශක්තිමත් වුනේ නැත්නම් ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ නෑ ” කීවේය.
” ඒක සහතික ඇත්ත. අපි අතරේ දේශපාලන මතවාද තිබුනට ගැටුම් නැහැ” දොලවත්ත මන්ත්‍රීවරයාද පිළිතුරු දුන්නේ ය.
” ඔව් ඇමතිතුමා. අපි එක ගමනක් යන්න ඕනේ. ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ එතකොටයි” සමන්ලාල් සභාපතිවරයා වරයාද පිළිතුරු දුන්නේ ය.
” විපක්ෂයේ ඉන්න කාලේ ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඉන්න කාලෙත් අපි අතරේ සහයෝගය තියෙන්න ඕනේ” ප්‍රසන්න රණතුංග මහතා නැවතත් කීවේය.
” අපේ මුදල් ඇමතිතුමා අයවැයේදි ගමේ මිනිස්සුන්ගෙ අදහස් වලට අවස්ථාව දෙන්න තීරණය කරපු එක හොඳයි ”  කෝකිලා හර්ෂණී ගුණවර්ධන මන්ත්‍රීවරිය පැවසීය.
” කොහොමත් බැසිල් මහත්තයා ඉන්නේ ගමේ මිනිස්සු එක්ක. අපේ පක්ෂය හැදුවෙත්, සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළ හැදුවෙත් ගමේ අදහස් අරගෙන. ඒ නිසා අයවැයෙන් ගමේ යෝජනා එකට මූලිකත්වය දෙන්නෙ.ඒක බැසිල්  මහත්තයාගේ හැටි.” ප්‍රසන්න රණතුංග මහතා කීවේය.
” මේක තමයි අපේ අලුත් මුදල් ඇමතිතුමාගේ පලවෙනි අයවැය” සහන් ප්‍රදීප් කීවේය.
ඊට පිළිතුරු දෙමින් කෝකිලා හර්ෂණී ගුණවර්ධන සඳහන් කළේ ” ආණ්ඩුව  පත්වුන දවසේ ඉඳලා කලේ කොරෝනා  මර්ධනය කරන එක.රට වහලා තිබුන වැඩක්‍ කරන්නවත්, ජනතාවට වුනු පොරොන්දු ඉටු කරන්නවත් බැරි වුනා” යනුවෙනි.
” බැසිල් මහත්තයා වැඩ පෙන්නන්න පටන් ගත්තෙ දැන්. ගමේ ආර්ථිකය දියුණු කරල ගම ගොඩනගන එකට බැසිල් මහත්තයා වැඩි ඉඩක් වෙන් කරනවා” ඇමති ප්‍රසන්න නැවතත් කීවේය.
” ඒ වුණාට ෆේස්බුක් එකෙන් ආණ්ඩුවට හරියට ගහනවා. වැඩිපුරම බොරු” සහන් ප්‍රදීප් කීය .
” සමහර ෆේස්බුක් එකවුන්ට් හදල තියෙන්නෙම ආණ්ඩුවට ගහන්න. ආණ්ඩුව අප්‍රසාදයට ලක් කරන්න. අපිත් දැනගන්න ඕනේ 3% කට්ටිය  කියන බොරු වලට හරියට උත්තර දෙන්න. අපිට හරියට උත්තර දෙන්න බැරි වුනොත් ආණ්ඩු බලය නැතිවම  ජනතාව පාලනය කරන්නේ 3% කට්ටිය. ” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේය.
” චමින්ද විජේසිරි මන්ත්‍රිතුමා ගිය සතියේ දවසක කියලා තිබුණා සජිත් ප්‍රේමදාස කොරෝනා වලින් දේශපාලනය කරනවා කියලා. ඒක සහතික ඇත්ත. චමින්ද විජේසිරිලා ඒ වගේ කතා කියන්නෙ සමගි ජන බලවේගෙ ඇතුලෙත් කොරෝනා  මර්දනයට ගෙන යන වැඩපිළිවෙළ ගැන ප්‍රසාදයක් තියෙන නිසයි. අනිත් කාරණේ කොරෝනා එකක් දේශපාලනය කරන්න ඒ අයගෙම අය කැමති නැහැ.” නැවතත්  කෝකිලා හර්ෂණී ගුණවර්ධන මන්ත්‍රීවරිය කීවාය.
” දැන් එන්නත්කරණ වැඩේ හරියට යන නිසා ඒ අයට කරගන්න දෙයක් නැහැ . බඩු මිලයි, පඩි වැඩිකරන්න ඕනේ වගේ දේවල් සෙනගගෙ ඔලුවට දාන්න හදන්නෙ. එයාලගෙම අයගෙ වුනත් හිත් කතා කරනවානේ” කියමින්  ඇමතිවරයා කතාව අවසන් කළේ මොරටුව දැනුවත් කිරීමේ රැස්වීම සඳහා පිටත්වීමට අත බැඳී ඔරලෝසුව දෙස බලමිනි.
පසුගිය බදාදා උදෑසන ඇමති ප්‍රසන්න හදිසියේම කොළඹ ආසිරි රෝහලට ගියේය. ඒ ඊශ්‍රායල ජාතික තරුණියකගේ සුවදුක් විමසීමටය. මෙම ඊශ්‍රායල ජාතික තරුණිය සැප්තැම්බර් 15 වෙනිදා රාවණා ඇල්ලේ ඉහලට නැගීමට යාමේදී ඇඳවැටී තිබිණි. කෝමා තත්වයේ පසු වූ ඇයව බදුල්ල මහ රෝහලෙන් කොලඹ ආසිරි රෝහලට ගෙන්වා ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය මැදිහත්ව තිබුණේ ඇමති ප්‍රසන්නගේ ද උපදෙස් ඇතිවය. මේ වනවිට සුව වී සිටින එම තරුණිය පසුගිය බ්‍රහස්පතින්දා සිය මව් රට බලා යාමට සූදානම් වෙමින් සිටි අතර ප්‍රසන්න ඇයගේ සුවදුක් බලන්නට ගියේ ඒ අතරය.මෙම තරුණියගේ මාපියන් මෙරටට ගෙන්වීමට පවා ප්‍රසන්න යටතේ තිබෙන සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබිණි.
 ” මම ශ්‍රී ලංකාවට ආපහු එනවා.. ” රෝහලට ගිය ප්‍රසන්නට ඊශ්‍රයාල තරුණිය පොරොන්දු වූයේ මෙරටදි තමන් මුහුණ දුන් අත්දැකීමෙන් පසු ශ්‍රි ලාංකිකයන් තමන්ට දැක්වූ සත්කාරය පිලිබඳව ස්තූතිය පුද කරමිනි.
කටුනායක ගුවන්තොටුපලේ පී.සී.ආර් පරීක්ෂණාගාරය විවෘත කෙරුණේ පසුගිය 23 වෙනිදාය. මේ පී.සී.ආර් පරීක්ෂණාගාරය ඉදිකිරීමට ඇමති ප්‍රසන්න කැබිනට් අනුමැතිය ගෙන තිබුණේ ජූලි මස 09 වෙනිදාය. සංචාරකයන් ඉලක්ක කරගනිමින් මේ පරීක්ෂණාගාරය ඉදිකිරීමට සැලසුම් කෙරුණේ පැය 03කින් අදාල පරීක්ෂණ වාර්තා ලබාදිමේ අරමුණිනි.
මේ සඳහා අවසර ගැනීම ලේසි පහසු වුනේ නැත. මුල සිටම සෞඛ්‍ය අංශ මේ සඳහා වැඩි කැමැත්තක් නොදක්වන බව පෙනින.
මේ නිසා ප්‍රසන්නට මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සමග සාකච්ඡා කරන්නට සිදුවිය. අවසානයේදී කෙසේ හෝ සෞඛ්‍ය අංශ එකඟත්වය ද ඇතිව කටුනායක පී.සී.ආර්. පරීක්ෂණාගාරය ආරම්භ වූ අතර 23 වෙනිදා පැවති පරීක්ෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලය.
කෙහෙළිය මුළු පරීක්ෂණාගාරයම පරීක්ෂා කළේය. මෙහෙයුම් ක්‍රියාවලිය ගැනද ඉතා පරීක්ෂාවෙන් විමසුවේය.
” මේක ඉතා හොඳ වැඩක්… ” විවෘත කිරීමෙන් අනතුරුව ඇමති කෙහෙළිය ප්‍රසන්නට කීවේය.
එදිනම සවස ප්‍රසන්න කම්කරු අමාත්‍යංශයට ගියේය. ඒ මේ පී.සී.ආර්.පරීක්ෂාගාරය මගින් මෙරටට එන ශ්‍රි ලාංකිකයන්ගේ පී.සි.ආර් පරීක්ෂාව සිදුකිරීම ගැන කථා කිරීමටය. අගමැති මහින්ද මෙන්ම ඇමති බැසිල් ද ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නයැයි ප්‍රසන්නට දැනුම් දී තිබිණි. ඒ ගැන කථා කරන්න ප්‍රසන්නට ඇමති නිමල් ආරාධනය කර තිබිණි. එහි ගිය ප්‍රසන්න කටුනායක ගුවන් තොටුපලේ පි.සී.ආර්. පරීක්ෂණාගාර පහසුකම් මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකිකයන්ටත් ලබාදෙන්නට එකඟත්වය පල කලේ ” මේ රටට විදේශ විනිමය ගෙනන අය රස්තියාදු නොකර ගෙවල් වලට යවන එක අපේ වගකීමක් ” ප්‍රසන්න කීවේය.
කටුනායක පී.සී.ආර් පරීක්ෂණාගාරය විවෘත කිරීමෙන් පසු එහි මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ වුයේ පසුගිය සෙනසුරාදාය (25) .
ඇමති ප්‍රසන්නගේ ඉල්ලීමකට අනුව පසුගිය අඟහරුවාදා (28) සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් රැස්වීමක් පැවැත්විණ. රැස්වීම පැවැත්වුනේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සංවිධාන සමගය. එහිදී සෞඛ්‍ය බලධාරීන් කිවේ මෙරටට පැමිණෙන සංචාරකයන් හා ශ්‍රි ලාංකිකයන් එන්නත් දෙකම රැගෙන එන්නේ නම් මෙරටට පැමිණි විට සිදුකෙරෙන පී.සී.ආර් පරීක්ෂාව සිදු නොකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවයි.