මේක වයඹ ජනතාවගේ ඉල්ලීමක් -රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

0
පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධූරයට තරඟ වැදීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා තිබිණි.
මෙම ප්‍රකාශය ගැන ඔහු වැඩි දුරටත් පවසන්නේ වයඹ පළාතෙන් තමාට එවැනි ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බවය. ජනතාව කිහිප විටකදී එලෙස ඉල්ලූ බැවින් ඒ ගැන සිතන බව ඔහු ප්‍රකාශ කළේය. තමාට වයඹ මහ ඇමැති ධූරය සම්බන්ධයෙන් පැහැදිලි වුවමනාවක් ඇති බව දයාසිරි ජයසේකර වැඩිදුරටත් කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී පුළුල් සන්ධානයක් ලෙස පැමිණෙන්නේ නම් එම තීරණය ගැනීමට එක පයින් සූදානම් බවත් වයඹ පළාතේ හිටපු මහ ඇමැති විදිහට එම පළාතට විශාල වැඩ කොටසක් තමා ඉටු කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පවසා තිබිණි.