රට එකවර විවෘත කිරීම අනතුරුදායකයි

0
රට එක වර විවෘත කිරීම බෙහෙවින් අනතුරුදායක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
රට නැවත විවෘත කළ යුත්තේ පියවරෙන් පියවර ක්‍රමානුකූලව බවත් ඒ ආකාරයට රට විවෘත කිරීමෙන් ප්‍රශ්නය කළමනාකරණය කර ගත හැකි වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය.
එසේ කටයුතු නොකළහොත් තවත් කොවිඩ් රැලි ඇතිවීම වැළැක්විය නොහැකි බවට අනතුරු ඇඟවූයේය.