ඒලියන්තගේ අවසන්කටයුතු බොරැල්ල කනත්තේදී

0
picture courtesy: colombogazette.com
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (22) මරණයට පත් වූ වෛද්‍ය ඒලියන්ත වයිට් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(23) දහවල් 11ට බොරැල්ල කනත්තේදී සිදු කර තිබේ.
සියලු නිරෝධායන නීතිවලට අනුව සිදු වූ මෙම අවසන් කටයුතු සිදුවන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයා මාධ්‍යට පවසා තිබේ.
සෞඛ්‍ය නිර්ණායකයන් අනුව සහභාගී විය හැක්කේ පස් දෙනෙක් සඳහා පමණක් බවට නීතියක් පැවතියද ඒලියන්ත වයිට්ගේ අවසන් කටයුතු සඳහා පවුලේ සාමාජිකයන්ට අමතරව පනහකට ආසන්න පිරිසක් පැමිණ සිටිබව එහි සිටින පුද්ගලයෙක් පැවසීය.
ඒලියන්ත  වයිට් කොවිඩ් සුව කිරීම සඳහා විශ්ව ශක්තිය ගැන විශ්වාසය තැබූ වෙදැදුරෙකි. එනිසාම එලියන්ත වයිට් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබී නැත.
ඒලියන්ත වයිට් ගේ මරණය පිළිබඳව සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඔහුගේ හදිසි අභාවයෙන් බෙහෙවින් කණගාටුවට පත්වූ බවයි. වෛද්‍ය ඒලියන්ත, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බවත් කෘතවේදීව සිහිපත් කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස සේවය කළ ඒලියන්ත වයිට් ඒ දිනවල මාධ්‍ය තුළ හැඳින්වුණේ “රාජකීය වෛද්‍යවරයා” යනුවෙනි.