දීර්ඝ කාලීන සිරකරුවන් නිදහස් කිරීම් ඉක්මන් කළ යුතු බව මනෝ ගනේෂන් කියයි

0
සිරකරුවන් දීර්ඝ කාලීනව නිකරුණේ සිරවී සිටින බවත් ඔවුන්ව නිදහස් කිරීමට වත්මන් රජය හැකි ඉක්මනින් කටයුතු කල යුතු බවත් මනෝ ගනේෂන් මහතා පවසයි.
 පසුගිය රජය සමයේදී එලෙස සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගත් බවද පෙන්වා දෙන දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් The Sunday Reader අප සමඟ පැවසුවේ නාමල් රාජපක්ෂ මහතා සිරකරුවන්ගේ ප්‍රශ්නෙට මදහත්විම ගැන සතුටු වෙන බවත් කොහෙන් කොහොම හෝ සිරකරුවන්ට විසදුමක් ලැබෙනවා නම් තමන් ඒ ගැන සතුටට පත් වන බවත්ය.
එමෙන්ම වර්තමානයේ මතුවූ බන්ධනාගාර සිදුවීම ගැනද අදහස් දක්වමින් ඔහු පැවසුවේ ලොහාන් රත්වත්තේ අවම වශයෙන් පරීක්ෂණ යනකල් වත් ඔහු සියලුම අමාත්‍යධුර වලින් ඉවත් විය යුතු බවත්ය.
පසුගිය රජය සමයේදී සිදුවූ ප්‍රශ්න වලදී අමාත්‍යධුර වලින් ඉවත් කිරීමට කටයුතු කළ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩි දුරටත් අප කල විමසුමට පිළිතුරු දෙමින් පැවසුවේ දමිල සිරකරුවන් ඔවුන් සමඟ පැවසු කරුණු හමුවේ ලොහාන් රත්වත්තේ වරදක් සිදුකර ඇති බවය.