අජිත්ගේ අසුන ජයන්තට ලබා දීම තහවුරුයි

0
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සුදානම්ය. හිස් වන රාජ්‍ය අමාත්‍ය ධූරය ජයන්ත කැටගොඩ මහතා ට ලබා දීමට මේ වන විට පොදුජන පෙරමුණ තීරණය කර ඇත .
ඒ අනුව අප කළ විමසුමට පිළිතුරු දෙමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ එකී අසුන කටගොඩට ලබා දීමට බොහෝවිට ඉඩකඩ ඇති බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉකුත් ජුලි මස දී භාර දුන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පිවීසීමටය.