සංචාරකයින්ගේ කොවිඩ් නීති ලිහිල් කරන්නැයි ඉල්ලුවේ ආර්ථිකේ ගැන හිතලා – කිමාර්ලි ප්‍රනාන්දු

0
By: අශන්ති වරුනසුරිය 
කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශන විදෙස් සංචාරකයින් සඳහා ලිහිල් කිරීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයකළ ඉල්ලීම සාධාරණ බව ශ්‍රී ලංකා සංචාරක සභාපතිනී කිමාර්ලි ප්‍රනාන්දු පැවසුවාය.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා වෙත යැවූ ලිපියකින්, පූර්ණ එන්නත ලබා දුන් ගුවන් සේවකයින් සඳහා අනිවාර්ය පුද්ගලික ආරක්‍ෂක උපකරණ (පීපීඊ) ඉවත් කරන ලෙස ද ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සභාපතිනිය ඉල්ලා ඇත. ප්‍රනාන්දු රුසියානු සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව ප්‍රවර්‍ධනය කිරීම සඳහා සංචාරයක යෙදෙන රුසියාවෙන් එම ලිපිය යවා තිබේ.
ඇය එලෙස රුසියානු සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව ප්‍රවර්‍ධනය කිරීමේ අරමුණින් එම ලිපිය යැවූ බවත් ආර්ථිකය වර්ධනය කර ගැනීමට මෙය සාධාරණ ඉල්ලීමක් බවද ඇය පැවසුවාය කෙසේවෙතත් ඇය වැඩි දුරටත් පැවසුවේ සෞක්‍ය අමාත්‍යංශයෙන් මේ සඳහා තවම ප්‍රතිචාරයක් නොදැක්වූ බවය.
අදාල ලිපිය  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ සංචාරක මණ්ඩල සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මේ වන විට රුසියාවේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා පිටත්ව ගොස් තිබේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් යොමු කර ඇති මෙම ලිපියෙන් පූර්ණ එන්නත්කරණයට ලක් කළ ගුවන් යානා කාර්ය මණ්ඩලවලට මුව ආවරණ ඉවත් කිරීම, පැය 72ක් ඇතුළත PCR පරික්ෂණ කළ අයට, මගීන් සඳහා අවශ්‍ය නීති ඉවත් කිරීම, අවු. 12 සහ ඊට අඩු දරුවන් PCR පරික්ෂණවලින් නිදහස් කිරීම සහ පූර්ණ එන්නත්කරණය කළ සංචාරකයින් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම සඳහා එමගින් අවසර ඉල්ලා තිබේ.