ඉදිරි දෙසතියෙන් පසු කොවිඩ් මරණවල අඩුවක්

0
කොවිඩ් ආසාදිතයන්ගේ සහ කොවිඩ් මරණවල සැළකිය යුතු අඩුවක් ඉදිරි දෙසතියෙන් පසු බලාගත හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
දැනට ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය කොයි මොහොතක හෝ ඉවත් කෙරෙන හෙයින් ඊට පෙර පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරුවන නව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඒ ඒ ආයතන බලධාරීන් කටයුතු කළ යුතු බව පැවසූ හෙතෙම එසේ කටයුතු නොකළහොත් රට විවෘත කළ සැණින් කොවිඩ් වයිරසය යළි පැතිර යා හැකි බවද සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ වලට පමණක් කොවිඩ් වයිරසය පරාජය කළ නොහැකි බවත් ඒ සඳහා ජනතාවගේ සහයෝගය උපරිමයෙන් ලැබිය යුතු බවත් ඔහු පැවසුවේය. සෑම අංශයක්ම ආවරණය වන පරිදි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද සකස් කළ යුතු වන බවද ඔහු පැවසුවේය.