සිංහරාජ ලංකාගම නෙළුව මාර්ගයේ වැඩ අවසන්

0
සිංහරාජ පරිසර පද්ධතියට හානියක් නොවන අයුරින් ලංකාගම නෙළුව මාර්ගයේ වැඩ 98% වැඩ අවසන් කර ඇති බැවින් ඉක්මනින්ම ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මේ ගැන අදහස් දැක්වූ අමත්‍යවරයා,
විපක්ෂය ප්‍රමුඛ අනෙකුත් විරුද්ධ මතධාරී දේශපාලනික පක්ෂයන් විසින් ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගය හදන්න පටන් ගත් දා සිට මේකට විරුද්ධව කතා කලා . ඔවුන් කිසිම කෙනෙක් මේ මාර්ගය හදනකොට හොදක් කිවුවේ නෑ. මේක බලන්න ආවේ නැහැ. මම මහාමාර්ග විෂය භාර අමාත්‍යවරයා විදිහට පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත අවස්ථා කිහිපයකදී කිවවා ලංකාගමට යන්න වාහනයක් සහ අනෙකුත් පහසුකම් සියල්ල ලබා දෙන්නම් ගිහින් බලන්න මේ පාර කොහොමද හදන්නේ කියලා. නමුත් විපක්ෂය කලේ ජවිපෙ සහ විවිධ පුද්ගලයින් ටික එකතු කරගෙන කොළඹට වෙලා මේ පාර හදන එකට විරුද්ධව උද්ඝෝෂණ කරපු එක තමයි.ගස් කපනවා සිංහරාජය විනාශයි කිව්වා.කෝ ඓක හානියක් උනාද?
ඔවුන් මුළු ලෝකයටම කිව්වා මේ පාර හදන්න රාජපක්ෂලා විශාල වශයෙන් මේ සිංහරාජ වනාන්තරයේ ගස් කපනවා කියලා . මේ මාර්ගය හදන්න අපි කිසිදු ගසක් කැපුවේ නැහැ.මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය මගින් සිදු කරනු ලැබුවා.