ටොසිලි සුමාබ් ලංකාවට ලැබෙන්නේ නැහැ

0
කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ලබා දෙන ”ටොසිලි සුමාබ්” නැමති එන්නත ලංකාවට ලබා දීමට සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන්ගේ අවශ්‍යතාවයට අනුව හදිසි භාවිතය සදහා එම එන්නත් අවශ්‍ය විය හැකි බැවින් කිසිඳු එන්නතක් රටින් බැහැර කිරීම වැලැක්වීමට සිංගප්පූරු රජය තීරණය කර තිබේ.
මේවන විට අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන ටොසිලි සුමාබ් නැමති එන්නතට එරට තුළ දැඩි ඉල්ලුමක් පවතී. තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලංකාවද එම එන්නත මෙරටට ගෙන්වීමට කටයුතු කළේය. ඒ අනුව ඊයේ දිනයේදී එන්නත් 100ක්, ලබන අගහරුවාදා තවත් එන්නත් 100ක් හා සැප්තැම්බර් මුල් සතියේදී තවත් එන්නත් 600 ක් මෙරටට රැගෙන ඒමටයි සැලසුම් කර තිබිණි.
අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන “ටොසිලි සුමාබ්” නමැති එන්නතට මෙරට තුල දැඩි ඉල්ලුමක් ඇතිවීමත් සමඟ එම එන්නතට කලුකඩ
වෙලදපොලක් ද නිර්මාණය වී ඇති බව පසුගියදා හෙළි විය. ඒ අනුව රුපියල් එක් ලක්ෂ 13,000ක් පමණ වන මෙම එක් එන්නතක් මෙරට කලුකඩ වෙළඳ පොළේ රුපියල් ලක්ෂ 8 ත් 10 ත් අතර මිලකට මේවනවිට අලෙවි වන බවයි අනාවරණ වී තිබිණි.
හෙළිවී තිබුණේ මෙරට ඇතැම් පාර්ශව ඉන්දියාවේ සිටින හිතවතුන් හරහා ගුවන් යානා කපිතාන්වරු මාර්ගයෙන් එම එන්නත් මෙරටට හොර රහසේ ගෙන එන බවය.