225හේ සීනි 125ට බස්සනවා

0
දිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. රුපියල් 150-180 අතර වූ සීනි කිලෝවක මිල මේ සතියේදී තොග මිල රුපියල් 225 -250ත් අතර සඳහන් වුයේය. ඒ අනුව සමාජයේ මේ ගැන දැඩි කතා බහකට ලක් විය. කෙසේවෙතත් මේ පිළිබඳව කල විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ කළුකඩ බිහිවී ඇති බවත් ඒ සඳහා නීතිමය වටපිටාවක් නැති බැවින් ක්‍රියාමාර්ග ගැනීමට ද නොහැකි බවය.
මිට එල්ල වූ සමාජ විරෝධය හමුවේ මේ වන විට ආණ්ඩුව මේ සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ ගැන අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දැක්වුයේ මේ අයුරිනි. ඉදිරි සතිය තුළ දැනට තිබෙන සීනි මිල වැඩි වීම අඩු කිරීමට පියවර ගන්නවා. සති 2ක දී සීනි කිලෝ ග්‍රෑමයක් උපරිමය රු. 125කට වඩා අඩු මිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය රජය විදිහට අරගෙන තිබෙනවා.
දැනට සීනි සඳහා පාලන මිලක් නැති නිසා. අපට මිල පිළිබඳව වැටලීම් කරන්න බැහැ. රු. 85ට පාලන මිලක් දාලා අපි ඉවත් කළේ. ඒක ප්‍රායෝගික නොවන නිසා. ලෝක වෙළෙඳපොළ තත්ත්වය බලන්න ඕනේ. ලෝක වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළ යනවා. පාලන මිලක් දැම්මොත් ප්‍රායෝගික වෙයි ද? ප්‍රායෝගිකව කළ නොහැකි නම් ගැසට් ගහන්නේ නැහැ.”