විෂය පථයට අදාලව ආයතන පවරා නැහැ

0
By: ශන්ති වරුනසුරිය 
ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන් දැඩි කලකිරීමකින් සිටින බව වාර්තා වේ. එය එළියට පිපිරුවේ පසුගියදා සිදුවූ ඇමතිධුර වෙනස්කම් සමඟිනි. ඉදිරියේදී රාජ්‍ය අමාත්‍යධුර වල ද වෙනසක් සිදුවීමට නියමිත බවද අප මින් ඉහතදී වාර්තා කර ඇත. සියල්ල සමඟ බොහෝ මැති ඇමතිවරුන් පවසන්නේ මේ අවස්ථාව එවන් වෙනස් කම් සිදු කිරීමට යෝග්‍ය කාලයක් නොවන බවය. නමුත් එකී වෙනස්කම් සිදුවෙමින් තිබේ.
ප්‍රථමික සෞක්‍ය සේවා වසංගත පාලන සහ කොවිඩ් 19 වැළක්වීමේ රාජ්‍ය අමාත්‍යවරිය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ එම ධූරයට පත් කොට මාස 9කට පමණ කාලයක් ඉකුත්වී තිබුණත් පවාරා ඇති විෂය පථයට අදාලව කිසිදු ආයතනයක් මේ වන විටත් ඇය යටතට පවරා නැත. ඒ වෙනුවට අයගේ විෂය පථය යටතේ ගැසට් කොට ඇත්තේ සමාජ සේවා දෙපාර්තමේන්තුවත් වැඩිහිටි ලේඛම් කාර්යාලයත් පමණි.
ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂවේදී වෛද්‍යවරියන් වන ඇය දීර්ඝ කාලයක් සෞක්‍ය දෙපාර්තමේන්තුව යටතේ සේවය කළ වෛද්‍යවරියකි. සියලුම අත්දැකීම් හමුවේ අදාළ තනතුරට ඇය ගැලපුන බව පෙනෙන්න තිබෙනවා විනා ඇයට කරන්න දෙයක් නම් ලබා දී නැත. එනිසාම වන්නට ඇත ඇය ලඟදි දවසකදී ඔබගේ අදහස  කුමක්ද යනුවෙන් මාධ්‍ය විමසු විට මගේ අදහස වැඩක් වෙන්නේ නැහැ යනුවෙන් ඇය පෙරලා පිළිතුරක් දුන්නේය.කෙසේවෙතත් අමාත්‍යංශ නිලධාරියකු අප සමග පැවසුවේ මෙම තත්වය හමුවේ ඇය මෙන්ම නිලධාරින්ද දැඩි අපහසුතාවය පත්ව සිටින බවකි. ඒ අනුව අපට වාර්තා වන්නේ ඔවුන් එකිනෙකාගේ උත්සාහයෙන් සිදුකළ පරිත්‍යාග වලට අමතරව සිදු කර ඇත්තේ සාකච්චා වලට සහභාගී වීම පමණක් බවය
සෞක්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හෝ වසංගත රෝග විද්‍යා ඒකකයවත් වසංගත පාලන සහ කොවිඩ් පාලනයට අදාළ විෂය පථය යටතේ නොමැති අතර විද්‍යාත්මක පසුබිමක් මත අමාත්‍යංශ බෙදන බවට ප්‍රකශ වූ රජයේ මෙම සම්බන්දයෙන් බොහෝ පිරිස් දැඩි කලකිරීමෙන් සිටිති. සියල්ල මෙසේ වෙද්දී පැහැදිලි වන තවත් කරුණක් ඇස් පනා පිට පෙනෙන්නට ඇත. ඒ හරි අපූරුවට රාජපක්ෂවරුන්ට නම් සියල්ල පැවරෙමින් යන බවය.
කොවිඩ් 19 වසංගතයේ අවදානම හේතුවෙන් සියලුව විවාහ මංගලෝත්සව තහනම් කරන්න පසුගිය සතියේදී රජය කටයුතු කළේය. ඒ අනුව පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටයි ඒ තීරණය ක්‍රියාත්මක විය. 16 වැනිදා ලංකාවේ බලවත් පුද්ගලයෙකුට සම්බන්ධ විවාහ මංගලෝත්සවයක් පැවැත්වෙන බවත්, ඒ හින්දා මේ තීරණය ක්‍රියාත්මක වීම 17 වැනිදා දක්වා කල් දමා ඇති බවත් තමයි බොහෝ දෙනාගෙන් විවිධ විවේචන පලවිය.
කෙසේවෙතත් කබ්රාල් මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවය 16 වැනිදා පැවැත්වෙන බවට එලෙස ප්‍රචාරය විය. කබ්රාල් මහතාගේ පුතණුවන් දෙදෙනාම දැනටමත් විවාහ වී දරුවන්ද සිටින බව ප්‍රකාශ විය. මෙසේ කතාබහට ලක් වුනේ එවන් දේ දැකගන්නට ලැබුණු නිසාය. කොවිඩ් වසංගතය මධ්‍යයේ සාමාන්‍ය ජනතාවට එක නීතියක් ක්‍රියාත්මක වෙද්දි, ඒ නීති නොතකමින් විවාහ මංගලෝත්සව විතරක් නෙවෙයි අවමංගල්‍ය උත්සවත් ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අයුරු දැක ගත හැකි විය. ඒ නිසා ජනතාව ඒවා අදහස් පල කිරීම සම්බන්දයෙන් වරදක්ද නැත.
ඒත් මේ අතරේ හැම දෙනාටම ආදර්ශයක් වෙමින් කොවිඩ් අවදානම හමුවේ තම පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවය නතර කරන්න කටයුතු කෙරුව ඇමැතිවරිය වූයේද ඇයය. සුදර්ශනී නම් වූ මෙකී චරිතය උඩින් නොපෙන්වන බොහෝ දේ ඇත. එය ගැහැණියකගේ සැබෑ ගති ලක්ෂණයක් නිසාදෝ ඇයද බොහෝ දේ ඉවසන් සිටින බව දක්නට ඇත. දේශපාලන මඩ ගොහොරුවේ හිසගසා සිටින්නන් අතර මැයද එක්කෙනෙක් යැයි අපි අර්ථකථනය කළොත් එහි වැරද්දක් ද නැත. මේ ගෙවෙන්නේ ලෝකයේම අන්ත අසරණ තත්වයකි. සෞක්‍ය ඇමතිනී විදිහට පවිත්‍රා මිය ද අමාත්‍යංශ මාරුවේදී දැක්වුයේ කලකිරුණු ස්වාභයකි. වෙනස නම් සුදර්ශනී චරිතය කිසිවක් එළිපිට නොපෙන්වීමට සමත් වීමය