Reader political Fact – දේශපාලන කොළම

0
By : අශන්ති වරුනසුරිය – Thesundayreaedr.lk Political fact  
අය වැය වෙනුවෙන් සංවාදයක්
 
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් අනු කමිටුව වෘත්තීය සමිති සමඟ පසුගිය සතියේ සාකච්ඡා පැවැත්වීය. මෙවර කැබිනට් මණ්ඩල හමුවේදී කැබිනට් අනු කමිටුව අනුකමිටුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා විය.

එහිදී කැබිනට් අනු කමිටුව කමිටු සමාජික ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ” මේ වෙනකොට අපි අනු කමිටුව අනුකමිටුව සාකච්ඡා වාර කිහිපයක් පවත්වලා තියෙනවා. වෘත්තීය සමිතියෙ වෙන් වෙන් වශයෙන් ගෙන්වලා සාකච්ඡා කරගෙන යනවා.හැකි ඉක්මනින් අනු කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න අපි පියවර ගන්නවා ”  යි පැවසීය.

ඉකුත් බ්‍රහස්පතින්දා  පළමුවරට රැස් වූ අනු කමිටුව  එම ගැටලුව විසඳීමට අදාළව මෙතෙක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මුලින්ම අධ්‍යයනය කළේය . පසුව  වෘත්තීය සමිති සමඟ වෙන් වෙන්ව වෙන් ව සාකච්ඡා කිරීමට තීරණය කළේය. අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වෙන දිනය වන විට වෘත්තිය සමිති විස්සක් සමඟ සකච්ඡා පවත්වා තිබිණි.

” පුළුවන් ඉක්මනින් අනු අනුකමිටු වාර්තාව ඉදිරිපත් කරන්න. අපි පොරොන්දු වෙලා තියෙනවා මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් දෙන බව. කොරෝනා ප්‍රශ්නය ආවේ නැත්නම් ගුරුවරුන්ගේ ප්‍රශ්නය මේ වෙනකොට විසඳල ඉවරයි.” ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ  රට වසා දමන ලෙස බොහෝ  පිරිස් යෝජනා කරති. මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදී ඒ පිළිබඳව වැඩිවශයෙන් සාකච්ඡා විය.

” ගොඩක් අය රට වහන්න කියනවා.රට වහන්න ඕන වෙලාවක පුළුවන්.හැබැයි රට වැහුවට පස්සේ ජනතාවට තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.ඒ නිසා ඒක තීරණය කරන්න ඕනේ හුඟක් හොදින් හිතලා බලලයි ” කී  ජනාධිපතිවරයා රටේ වත්මන් තත්වය පිළිබඳ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් ද කළේය.

” රට වසා දැමුවොත් රටේ සියලු කටයුතු නතර වෙනවා. අවස්ථා කිහිපයකදී ම අපි මේක කළා.  රට වහපුවාම රටක් විදිහට සිද්ධ වෙන ආර්ථික පාඩුව ගැන නොසිතා  ජනතාව ගැන හිතන්න වෙනවා. දවසේ වියදමවත්  හොයාගන්න බැරිව අසරණ වෙන ජනතාව වෙනුවෙන් මොකද කරන්නේ”  ජනාධිපතිවරයා නැවත පැවසීය.

” ජනාධිපති තුමනිමේ වෙලාවේ අපි වැඩි අවධානයක් මේ ප්‍රශ්නයට යොමු කරන්න ඕනේ. රටේ ජනතාව ඔබතුමා ගැන සෑහෙන විශ්වාසයක් තියල තියෙනවා. ඔබතුමා නිවැරදි තීන්දුව ගන්නා බව  අපි විශ්වාස කරනවා.” රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

“රට වහනවා  නම් එක දිගට මාස තුනක්වත් රට වහන්න ඕනේ. එහෙම උනාම යමක් කමක් තියෙන අය කාල බීල ඉඳියි. අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු මොකද කරන්නේ. ඒ අයගේ ජීවනෝපාය අහිමි වෙනවා.  ඊට පස්සේ ටික දවසකින් රට අරින්න අරින්න කියනවා ” යි ජනාධිපතිවරයා නැවතත් පැවසීය.

එන්නත් කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය.

” මේ වෙලාවේ ජනතාවගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය ගොඩ නැගීම ගොඩනැගීම හොඳම විකල්පය කියලා මම විශ්වාස කරනවා. එකට එන්නත් කරන වැඩපිළිවෙල වැඩපිළිවෙල සාර්ථක කරන්න ඕනේ. මේ වෙනකොට විශාල මුදලක් වැක්සින් වලට වියදම් කරලා තියෙනවා. ඉදිරියටත් වැක්සින් ලක්ෂ ගානක් ගේන්න වෙනවා. එතකොටත් ඒ වගේම වියදමක් දරන්න වෙනවා. සයිනොෆාම්  එන්නත ලංකාවට ගෙනත් වෛද්‍ය අනුමැතිය ගන්න මාසයකට වැඩි කාලයක් ගියා.අපේ රටට එන්නත ගේන කාලෙම තමයි ඩුබායි වලටත් ඩුබායි වලටත් මේ එන්නත අරන් ගියේ. දැන් ඩුබායිවල අතිරේක එන්නතක් පවා දෙන්න පටන් අරන්. අපි වෛද්‍ය අනුමැතිය එනකල් බලන් හිටියා. ඩුබායි වල වගේ  එන්නත්කරනය පටන් ගත්තා නම් අපි මීටත් වඩා සාර්ථකයි. සමහර කාරණා වලට  මේ වගේ සිද්ධි බලපෑවා. ” ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

අද වෙනකොට ලෝකෙ  බොහෝ රටවල් රට වසා දැමීමේ ක්‍රියා මාර්ගයට පිවිසෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාව රට වසා දැමුවොත් පවුලකට ඩොලර් හයසියයක් දෙනවා. මධ්‍යම පරිමාණ කර්මාන්ත ශාලාවල ඩොලර් දහදාහක් දෙනවා. අපි වගේ ආර්ථිකයක් තියෙන රටකට මේවා දරන්න අමාරුයි.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.

ඊට පිළිතුරු දුන් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා” ඒක ඇත්ත. අපි මේ සත්‍ය ජනතාවට කියන්න ඕනේ. සංචාරණ නීති රීති වලට අනුකූලව රීතිවලට අනුකූල වෙමින් තත්ත්වය පාලනය කර ගැනීමට රජයට සහාය එම මේ වෙලාවේදී ජනතාවගේ බලාපොරොත්තු වන බව ජනතාවට දැනුම් දෙන්න ඕන ” කීවේය.

” අපේ අලුත් ජනමාධ්‍ය ඇමති තුමාට  පුළුවන්නේ දැන් මේ ගැන ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න” මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා කීවේය.

” ඒක ඇත්ත අපි ඩලස් ඇමතිතුමා ට පුළුවන් ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළක් හදන්න”ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කීවේය.

” මේ වෙලාවේ රට වසා දැම්මොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්වා. පුළුවන් තරම් සීමා දාලා,අනවශ්‍ය ලෙස ජනතාව ඒකරාශී වීම නතර කරලා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යමින් රටපුරා රට පුරා දැඩි සංචරණය සීමා පනවන්න ඕනේ” මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සිය අදහස් දැක්වීය.

” මේ වෙන කොටත් අපි සෑහෙන්න සංචරණ  සීමා පනවා තිබෙනවා” ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය .

”  ඒ උනාට පාසල් පෙරපාසල් විශ්වවිද්‍යාල  සම්බන්ධයෙන් පනවා තිබෙන නීති නැවත තහවුරු කරන්න ඕනේ. රට වසා දමනවා නම් ඒ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ  ජනතාවට ලබාදෙන නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. හොඳම විකල්පය වෙන්නේ සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරමින් දැඩි සංචරණ සීමා පවත්වාගෙන යන එක කියලයි මම විශ්වාස කරන්නේ” මුදල් අමාත්‍යවරයා පැවසීය.

මෙය අතර බන්දුල ගුණවර්ධන ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ ” පිටකොටුවේ  වෙළඳ සැල් වසා දමන්න සූදානම් වෙනවා. මේ වෙනකොටත් සමහර නගරවල වෙළඳසැල වසා දමලා. ඒක රැල්ලක් වගේ ඉදිරියට යනවා ” යනුවෙනි.

” විපක්ෂයට සම්බන්ධ වෘත්තිය සමිති  රට වැසුවේ නැත්නම් ලබන මාසයේ සිට සිය සාමාජිකයන් වැඩට එන්නේ නෑ කියලා කියනවා” විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

“වෙළෙඳසල් වසා දමන එකට අපි මැදිහත් වෙන්න ඕනේ නෑ . ඒවට අපි බලපෑම් කරන්න ඕනෙත් නෑ. ජනතාවට සත්‍යය ඇති හැටියෙන්  පැහැදිලි කර දෙන එක අපේ වගකීම ” ඊට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

” මම මේ ගැන වෙළඳ සංගම් එක්ක සාකච්ඡා කරන්න ඉන්නේ” බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ද කීය.

ගුරු විදුහල්පති ගැටලුව

ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කළ අවස්ථාවේ ඒ පිළිබඳ අදහස් දක්වමින් සමහර වෘත්තිය සමිති කියා තිබුණේ ප්‍රශ්නයට විසඳුම් දීම වෙනුවට කල් මැරීම සඳහා මෙම කමිටුව පත් කර ඇති බවයි.. වෙන් වෙන් වශයෙන් වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වීමට  අමාත්‍ය මණ්ඩල අනු කමිටුව තීරණය කළත්  ජෝසප් ස්ටාලින් හා මහින්ද ජයසිංහ නියෝජනය කරන වෘත්තීය සමිති අනු කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සිය වෘත්තිය සමිතිවලට එක්ව අදහස් දැක්වීම සඳහා  අවස්ථාව ලබා දෙන ලෙසයි. අනු කමිටුව ඊට එකඟතාව පළ කරමින් පසුගිය අඟහරුවාදා හවස 6.00ට සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස ඔවුන්ට වෙලාව ලබාදී තිබිණි.එදින තවත් වෘත්තීය සමිති හයක් සමග සාකච්ඡා පැවතුණේ ප.ව.1.00 පමණ සිටය. නියමිත කාලයට පෙර සාකච්ඡා අවසන් වු නිසා ජෝසප් ස්ටාලින් ඇතුලු පිරිසටද නියමිත වේලාවට කලින් කමිටුව හමුවීමට හැකිවිය.

“ගුරු විදුහල්පති ගැටලුව ගැන වෘත්තීය සමිති සෑහෙන ප්‍රමාණයක් එක්ක අපි සාකච්ඡා කරලා ඉන්නේ. ඒ නිසා අපි දෙන සමිති නායකයෝ වගේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.කොරොනා වසංගතය එක්ක භාණ්ඩාගාරය පැත්තෙන් ලොකු ප්‍රශ්නයක් තිබෙන බව අපි සියලු දෙනාම දන්නවා .එනිසා අතරමැදි අතරමැදි විසඳුමකට එන්න පුලුවන්ද කියලා අපි බලනවා . ප්‍රතිපත්තියක් විදිහට   අපි හැමෝම ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන්න ඕනි කියන තැන ඉන්නවා .” විමල් වීරවංශ අමාත්‍යවරයා සාකච්ඡාව අරඹමින් සඳහන් කළේය.

“ඔව්. සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි පිළි අරගෙන තියෙනවා පිළිඅරගෙන තියෙනවා විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධූරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත් කරන බව ” ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ද සඳහන් කළේය.

” සුබෝධනී වාර්තාව වෘත්තීය සංගම් පිළි අරගෙන තියෙනවා. ඒ වාර්තාවේ වුණත් උනත් සමහර ගැටළු තියන බව කියනවා. අපේ පක්ෂයෙන් මේ වාර්තාව සකස් කලෙත් ගුරු විදුහල්පති ගැටළුවට සැබෑ විසඳුම් දෙන්න අවශ්‍ය නිසයි” ගන්න ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද කීවේය.

” මෙතැනදී සංවේදී කාරණයක් තියෙනවා අපි හැම දෙනාගේම අවධානය යොමු කරන්න ඕන. මේ කොරෝනා ප්‍රශ්නය නිසා වැඩිම බලපෑමක් වෙලා තියෙන්නෙ අපේ දරුවන්ට. අවුරුදු දෙකක විතර කාලයක් තිස්සේ දරුවෝ සෑහෙන පීඩනයකට ලක්වෙලා ඉන්නේ. ගුරුවරු දරුවෝ ගැන හිතන පිරිසක්. මම හිතනවා අපි ඉක්මනටම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න ඕනි කියල” ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා කීවේය.

“කමිටුවට සම්බන්ධ ඇමතිවරුන්ගේ පවුල් වල ගුරුවරු ඉන්නවා. ඒක විශේෂත්වයක්. ඒ නිසා අපිට මේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් තියෙනවා” ප්‍රසන්න රණතුංග  ඇමතිවරයා නැවතත් කීය.

ඩලස් අලහප්පෙරුම ඇමති වරයාගේ මව ගුරුවරියකි. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ගේ මව ද ගුරුවරියකි. විමල් වීරවංස ඇමතිවරයාගේ පියා ද ගුරුවරයෙකි. ඇමති ප්‍රසන්න කීවේ ඒ ගැනය.

”  මේ ප්‍රශ්නය ගැන කමිටුවට හොඳ අවබෝධයක් තියෙනවා.අපිට මේ ප්‍රශ්නෙ විසඳන්නත් ඕනේ. කල් මරන්න නම් කිසිම උත්සාහයක් නැහැ සහෝදරයා ” ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සාකච්ඡාව අවසානයේදී කීවේ ඇතැමුන් මේ කමිටුව කල් මැරීමේ උත්සහයක් බවට කර තිබූ චෝදනාව ගැනය.

මේ සතියේ පාර්ලිමේන්තු ව රැස් වූයේ අඟහරුවාදා දිනයේ පමණි.අය වැය සදහා සහෝදර  පක්ෂවල අදහස්  ලබාගැනීමේ විශේෂ සාකච්ඡා වටයක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දි කැඳවා තිබු නිසා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වේලාසනින්ම පාර්ලිමේන්තු ආවේය…අය වැය සාකච්ඡාවේ පළමු අවස්ථාව දී තිබුණේ විමල් ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණටය.

අපිට එන්න කියල තිබුණෙ 10.30 ට.ඔන්න ඇමතිතුමා අපි කලින්ම ආව…දැන් වෙලාව 10.28 යි.විමල් එසේ කියමින් සිය කණ්ඩායමද සමගින් සාකච්ඡාවට වාඩි වුයේය.

පැමිණි සියලු දෙනාව බොහෝම සුහදව පිළිගනිමින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සාකච්ඡාවට මුලපිරුවේය.

“අය වැය සකස් කරද්දී විවිධ පාර්ශවයන්ගේ අදහස් ලබාගැනීම අපේ අය වැය සංස්කෘතියට එකතු කලේ මහින්ද ජනාධිපතිතුමා..එතුමාගේ ඒ ආරම්භය තවත් ඉදිරියට ගෙනයමින් අදාල සියලූම කණ්ඩායම් එක්ක මම අය වැය ගැන කතා කරනව.දැන් ඔබතුමාලට පුළුවන් ඔබේ අදහස් කියන්න“ මුදල් ඇමති බැසිල් සාකච්ඡාව ආරම්භ කලේ එලෙස කීයමිනි.

ඇමති විමල් ඇතුලු ජනිපෙ නියෝජිතයන් මෙවර අය වැය වෙනුවෙන් තම කණ්ඩායමේ යෝජනා ඉදිරිපත් කලේය. එදිනම ශ්‍රීලංකා නිදහස් පක්ෂය දිනේෂ් ,වාසු,උදය,තිස්ස විතාරණ,අසංක නවරත්න,ජීවන් තොණ්ඩමාන්,ඩග්ලස් දේවානන්ද ,අතාවුල්ලා,වීරසුමන,චන්ද්‍රකාන්තන් අතුලු ආණ්ඩුවේ සියලු පක්ෂ නායකයින් සිය නියෝජිතයන් සමග අය වැය ගැන මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කලහ.ඊට  රතන හාමුදුරුවොත් වැඩම කලහ. ඒ වගේම ඩයනා ගමගේ ඇතුලු ආණ්ඩුවට අලුතින් සහාය දුන් මන්ත්‍රී කණ්ඩායමටත් මුදල් ඇමතිවරයා වෙනම සාකච්ඡාවක් දී තිබිණ..ටිරාන් අලස් මන්ත්‍රීවරයා අසනීපෙන් නිසා පැමිණ සිටියේ නැත….සාකච්ඡා අවසානයේදී හැමෝම  අය වැය වෙනුවෙන් මේ විදිහේ සංවාදයක් ඇතිවීමම හොද වැඩක් බව සියලුදෙනා පවසා තිබුණි.

මේ අතර පසුගිය බදාදා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සියලු ඇමතිවරුන් සමග එක් එක් අමාත්‍යංශයට අදාලව අය වැය යෝජනා ලබා ගැනීමේ සාකච්ඡා  මාලාවක් මුදල් අමාත්‍යංශයේ දී කැදවා තිබුණි.

මෙවර අය වැයට  තමන්ගේ  යෝජනා එවන්න කියල සිය අත්සනින් සියලුම පළාත් පාලන නියෝජිතයන්ටත් ගිය සතියේ මුදල් ඇමති බැසිල් ලිපියක් යොමුකර තිබිණි..අය වැයට යෝජනා ලබාගැනීමේ තවත් සාකච්ඡා වට කීපයක් මේ සතියෙත් පැවැත්වීමට නියමිත බවද දැනගන්නට තිබේ.
 
අශන්ති වරුනසුරිය – දේශපාලන කොළම