රෝහලේ තත්වය ගැන ලියපු දොස්තරට චෝදනා

0
අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍ය නජිත් ඉන්දික පසුගියදා සිය රෝහලේ කොවිඩ් තත්වය සම්බන්ධයෙන් කළ අනාවරණයක් පිළිබඳව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන උපහාසාත්මක ලෙස දෝෂාරෝපණයක් එල්ල කළේය.
ඇමති චන්න ජයසුමන නිග්‍රහශීලීව චෝදනා කරමින් වක්ක්‍රාකාරයෙන් සැබෑ තත්වය පවසන්නනට පරිස්සම් වන ලෙසට තර්ජනාත්මක පවසූ අයුරක් ඔහුගේ කතාවෙන් පැහැදිලි විය.
“ෆේස්බුක් එකේ ලියනවා, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නජිත් ඉන්දික කියලා ඉස්සෙල්ලා හිටිය කැඳවුම්කරු මරලතෝනි තියනවා එතන. එයා ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න එපායැ ෆේස්බුක් එකට ලිය ලියා ඉන්නෙ ? ෆේස්බුක් එකෙන් බෑ කොවිඩ් ලෙඩ්ඩු හොඳ කරන්න. අද මේක රැල්ලක් ඇති කරලා. විවිධ ව්‍යාජ නම් වලින් ෆේස්බුක් වලින් විවිධ මුහුණු දාගෙන එළියට ඇවිල්ලා මම මෙහෙම බලන් හිටියා, අරම මළා, මෙහෙම හුස්ම ගන්න අමාරු වුණා, විවිධ දේවල් කියමින් මේ අද රට විසාලා මහනුවරක් බවට පත්කරන්න හදන්නෙ කවුරුත් නෙවෙයි මේගොල්ලොම තමයි හදන්නෙ” අමත්‍යවරයා පැවසුවේ ඊයේ (17) පාර්ලිමේන්තුව අමතමිනි.