සිංහල ගීතයෙන් ලොවපුරා ජනප්‍රිය වූ ඉන්දියාවේ මියා මෙහාක්

0
මේ දිනවල සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය ගීතයකි “මැණිකේ මගේ” සිංහල ගීතය. මෙම සිංහල ගීතය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයස අවුරුදු පහක් වූ පුංචි මීයා කුට්ටි නම්වූ දැරිය විසින් ගායන කරන වීඩියෝවක් ඉන්දියාව, ලංකාව මෙන්ම ලෝකය පුරාම ජනප්‍රිය වී තිබේ.
වසය අවුරුදු පහක් වන මෙම දැරිය මියා මෙහාක් වන අතර මීයා කුට්ටි “මීයා වස්තුව” කියන අනුවර්ත නාමයෙන් ඉන්දියාවේ ජනප්‍රියය. ඇය කේරළ ප්‍රාන්තයේ ජීවත් වේ. ඇය එරට ප්‍රමුඛ ගායන තරගයක් වන “Top Singer” තරගයේද තරගකාරිණියකි.
මෙලෙස මෙම ගීතය ඇය මුලින්ම ගයනා කරන ලද්දේ Tik Tok ඔස්සේය ඉන් අනතුරුව ගීත පටිගත කිරීමක්ද සිදුකර ඇත. මේ ගීතය මේවනවිට බොහෝ ප්‍රතිචාර මැද ජනප්‍රියත්වයට පත් ගීතයක් ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නොමැත. ජනප්‍රිය ගායිකාවක් වන යෝහානි සහ සතීෂන් ගේ ගීතයක් වන මෙය මේ වන විට බෙහෙවින්ම ජනප්‍රිය වෙමින් තිබේ දුලංජන අල්විස් විසින් රචිත මැණිකේ මගේ හිතේ ගීතයේ ගී තනු නිර්මාණය චමත් සංගිත්ගෙනි