හෙට දවසෙ ඇහරෙයිද දන්නෙ නැහැ – කලාකරුවන් රැසකට කොවිඩ්

0
හුස්ම ගන්න අමාරු උනා. තාමත් හෙට දවසෙ මං ඇහරෙයිද කියල මම දන්නෙ නැහැ ජනප්‍රිය නිළි නයනතාරා ලයිව් ඇවිත් ඉල්ලපු සංවේදී කතාවකි මේ.
මේවන විට කොරෝණා අසාධිතව ප්‍රතිකාර ලබමින් බොහෝ කලාකරුවන් පිරිසක් නිරෝධායනය වෙමින් සිටිති. ජනප්‍රිය නිළි නයනතාරා වික්‍රමාරච්චි සිය රසිකයන්ගෙන් ඉල්ලීමක් සිදු කළේ මේ අයුරින්. මම මේ මොහොතේ ඉන්නේ හොස්පිට්ල් එකේ. හුස්ම ගන්න අමාරු උනා තාමත් හෙට දවසෙ මං ඇහරෙයිද කියල මම දන්නෙ නෑ. මගේ රසික රසිකාවියන් සියලු දෙනාගෙන් මං ඉල්ලනවා පරිස්සම් වෙන්න මේ ලෙඩේ බරපතලකම තේරුම් ගන්න” යනුවෙන්.
එවැනිම ප්‍රවීණ නළු ජයසේකර අපොන්සු පවසන්නේ මරණයත් ජීවිතයත් අතර තවම සටන් කිරීමක් බවය. ජනප්‍රිය රංගන ශිල්පී ජයසේකර අපොන්සුත් මේ වසංගතය වැලඳී මේ වනවිටත් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර “තවම අඩුවක් නැහැ. කොරෝනා වෛරසය මරණයත්, ජීවිතයත් එක්ක සටන් කරන තවත් රෝගයක්. ඉතින් මමත් ඒ සටනට මුහුණ දෙමින් ජීවත් වෙනවා”. යනුවෙන් ඔහු පැවසුවේය.
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරාට ද කොරෝනා වෛරසය ආසාදනය වී සුවවෙමින් සිටින අතර රංගන ශිල්පින් වන ගිරිරාජ් කෞෂල්‍ය සහ නිරෝෂන් විජේසිංහ ශ්‍රීයානි අමරසේන ද ඒ අතර වෙති. “සුලුවට හිතන්න එපා.. පුංචි හරි රෝග ලක්ෂණයක් පෙන්නද්දි හංගන් ඉන්න එපා. රෝගය පතුරන වාහකයෙක් වෙන්න එපා. ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වෙන්න” මෙසේ පවසන්නේ මේ වන විට සුව වෙමින් සිටින ජනප්‍රිය නිලි ශලිනි තර්කා.
තවත් බොහෝ කලාකරුවන් කොවිඩ් අසාදිතව සිටින අතර මේ නිසා නිර්මාණ ආශ්‍රිත අනෙක් නිර්මාණකරුවන්ටත් මෙය තදින්ම බලපා ඇත. එම නිසා නිර්මාණ ඉදිරියට පවත්වා ගෙන යෑමේද දුෂ්කරතා මතුවී ඇති බව අධ්‍යක්ෂවරුන් ද පවසති.