එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන්ට රැපිඩ් පීසීආර් පරීක්ෂාව අද සිට ගුවන් තොටුපළේ දී…

0

ගුවන් ගතවීමට අවම වශයෙන් පැය 4 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණිය යුතුයි 

එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පිටත්වන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම  ගුවන් ගතවීමට පෙර සිදුකර ගතයුතු රැපිඩ් පීසීආර් පරීක්ෂණ සිදුකිරිමඅද සිට (2021.08.14) කටුනායකබණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපළේදී ආරම්භවේ.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ගරු පියංකර ජයරත්න මැතිතුමාගේ ඍජු මැදිහත්විම මතගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.වී චානක මැතිතුමාගේ පූර්ණ සහයෝගයෙන් මෙම  රැපිඩ් පීසීආර් පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයන් ගුවන් ගතවීමට පෙර සාමාන්‍යයෙන් පැය 3 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණීම සිදුකළ යුතු වුව දරැපිඩ් පීසීආර් පරීක්ෂණ සිදුකර ගත යුතු බැවින් අවම වශයෙන් පැය 4 කට පෙර,  ගුවන් තොටුපළ වෙත පැමිණිය යුතුය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෞඛ්‍ය අංශ ගෙන ඇති තීරණ වලට අනුව සියලු පුද්ගලයන් එරටට පැමිණීමට පෙරමෙම පරීක්ෂණ‌ය සිදුකර ගත යුතු බැවින්,  ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ පහසුකම් ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය විසින් සිදුකරණ බව වැඩිදුරටත් දන්වමි.