ලිට්‍රෝ මිලත් වැඩි වන ලකුණු

0
By: අශන්ති වරුනසුරිය
රජයේ ගෑස් සමාගම විශාල අලාභයක් සෑම සිලින්ඩරයකටම විඳගෙන ගෑස් සපයන බවත් කොච්චර කාලයක් එය එලෙස අල්ලන් ඉන්න පුළුවන් වෙයිද කියන්න බැහැ, යනුවෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේය.
“රජය එසේ කලද පුද්ගලික අංශයට එලෙසින් කරන්න බෑ. ලෝක වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගෑස් දෙන්න කිව්වාට එහෙම දෙන්න බෑ. නමුත් අපි ඊයෙ වෙන තෙක් ඔවුන්ට ඒ මිල වැඩිකිරීමට ඉඩදුන්නෙ නෑ.ගෑස් සමාගම් විසින් මාස හයක කාලය තුළ ගෑස් මිල වැඩිකරන්න ඉල්ලා තියෙනවා. ඉතිං ආණ්ඩුවට ලේසියි පාරිභෝගිකයාගෙ පැත්තෙ ජනතාවගේ පැත්තෙ නොඉන්නවා නම් ඉල්ලන ලෙස මිල වැඩිකරන්න දුන්නා නම් කිසිම ගෑස් හිඟයක් ඇති වෙන්නෙ නෑ. ගෑස් හිඟයට රජයට බනින එක සාධාරණ නෑ” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.
කෙසේවෙතත් අමාත්‍යවරයා පැවසුවේ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නොයන බවය. වත්මන් රජය මුලසිටම පැවසුවේ කිසිදු අවස්ථාවක ගෑස් මිල ඉහල නොදමන බවත් රජය වැඩි වන මිල දරා ගන්නා බවය. එසේ තිබියදී මේ වන විට ගෑස් මිල වැඩි විය. ගෑස් හිඟයක් මෙලෙස ඇතිවුනේද මිල වැඩි කිරීමේ අවශ්‍යතාවය මත බව විචාරකයින් පවසති. එමෙන්ම මෙවන් දුෂ්කර අවස්ථාවක මිල ඉහළ දැමීමෙන් ජනතාව දැඩි ලෙස අසරණව සිටිති. තවද මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන්ද ගෑස් නිෂ්පාදනය කිරීමට අදාලව කටයුතු දියත් කරමින් සිටී.
ගෑස් මිල මෙලෙස වැඩි වීමෙන් පිසූ අහාර වල මිලද වැඩි කිරීමට සිදුවන බව හෝටල් හිමියන් පවසති. අප සිදුකල විමසීමකදී හෝටල් කිහිපයකින්ම පැවසුවේ ගෑස් මිල ඉහළ යාමෙන් ඔවුන්ට පිසින අහාර වල මිල සම්බන්දයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවය.