රට Lockdown ද Lockup ද ? තීරණය අද

0
වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා ව්‍යාප්තිය සමගින් දිගින් දිගටම වෛද්‍යවරුන් කළ ඉල්ලීම් හමුවේ සති අන්තයේ රට වසා දැමීමට  අවධානය යොමුවී ඇතැයි ආරංචිමාර්ග අනාවරණය කරයි. සංචරණ සීමා පැනවීම ගැන අවසන් තීරණයක් ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කොවිඩ් මර්දන කමිටුව සමග අද උදෑසන සාකච්ඡවක් පැවැත්වීමට නියමිතව ඇත. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන්ද මෙම හමුවට එක්වීමට නියමිතව ඇත.
ඒ අනුව ලොක්ඩවුන් නොකර අද (13) මධ්‍යම රාත්‍රී 12:00 සිට මුළු දිවයිනම ‘ලොකප්’ කිරීමට රජය සූදානම් බව වාර්තා වේ. කෙසේවෙතත් අද එහි විශේෂ නිවේදනය අද නිකුත් කිරීමට නියමිතය. ඊයේ සෞඛ්‍ය අංශ සහ ජනාධිපතිවරයා අතර ඇතිවූ විශේෂ හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර අද කොවිඩ් මර්ධන බලකාය සහ ජනාධිපතිවරයා රැස්ව ඉහත තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත ය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ සංචරණ සීමා තත්වයට එහා ගිය වසා දැමීමක් රටට අවශ්‍යව ඇති බවයි.
දිගින් දිගටම කොරෝනා රෝගීන් හා කොරෝනා මරණ වාර්තාවීම ඉහළ යාමත් සමගින් මෙසේ රට වසා දැමීම සදහා අවසන් අවස්ථාවේදී ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් දිගින් දිගටම රට වසා දමන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබීය. සති දෙකක කාලයක් තිස්සේ මෙම ඉල්ලීම් ඉදිරිපත් වන නමුත් ඒ සදහා යහපත් ප‍්‍රතිචාරයක් මේ වන විට ලැබී නැත. මීට පෙරල රජරට විශ්ව විද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් ​​අගම්පොඩි කියා සිටියේ ඇඳිරි නීතිය වහාම පැනවීමෙන් ඉදිරි දින 20 තුළ අවම වශයෙන් මරණ 1200 ක් වළක්වා ගත හැකි බවයි.කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.ඒ අනුව එම සාකච්ඡාවේදී රට තුළ පවතින වත්මන් තත්ත්වය අධීක්ෂණය කර ගතයුතු ඉදිරි පියවර පිළිබඳව තීරණය කරනු ඇත.