තත්පර 5කටවත් මුව ආවරණය ගලවන්න එපා

0
වෛරස් වාතයෙන් සීග්‍රයෙන් පැතිරේ – තත්පර 5කටවත් මුව ආවරණය ගලවන්න එපා
ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියේ ආරම්භය මෙය බවත් ඉදිරි දෙසතිය තුළ එහි බලපෑම දරුණු වනු ඇති බවද ඩෙල්ටා වෛරසය වාතයේ තිබෙන අවස්ථාවක අප නොදැනුවත්ව තත්පර පහකට හෝ මුව ආවරණය ඉවත් කළහොත් එම කාලය කොවිඩ් ආසාදිතයකු වීමට ප්‍රමාණවත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.
චීනයෙන් වාර්තා වූ වූහාන් කොවිඩ් වයිරසයට වඩා දෙගුණයක වේගයකින් ඩෙල්ටා වයිරසය ව්‍යාප්ත වන බවත් ආසාදිතයකු නොවීම සඳහා මුව ආවරණය පැලඳීම ඇතුළු කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවත් හෙතෙම පැවසීය.
වයිරසයේ පැතිර යෑම වැළැක්වීම සඳහා මේ අවස්ථාවේ දැඩි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරි කාලයේදී රටත් ජනතාවත් විශාල අර්බුදයකට පත්වනු ඇතැයිද මේ වන විටත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයිද රෝගීන්ගේ වාර්තා වීම රෝහල් කාර්ය මණ්ඩලයට දරා ගත නොහැකි වීම හේතුවෙන් මරණ ඉහළ යා හැකි යැයිද ඔහු පැවසුවේය. එමෙන්ම රෝගීන්ගේ වාර්තා වීම ඉහළ යෑම නිසා ඔවුන්ට දිය යුතු ඔක්සිජන් අවශ්‍යතාවද ඉහළ යෑමක් විය හැකි බවද ඒ ඔහු වැඩිදුරටත් පැවසුවේය.