අනවශ්‍ය ලෙස ගොඩගසා ගන්න එපා – සීනි ගෑස් කිරිපිට වලට පිළියම්

0
මේ පිළිබදව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසන්නේ සීනි හිඟයක් ඇති වෙතැයි පාරිභෝගිකයන් අතරද ගැටලුවක් මතුවී තිබෙන බැවින් ඒවා වැඩි ප්‍රමාණයන්ගෙන් මිලදී ගැනීම මිට හේතුව බවයි. සීනි වල බදු අඩු කිරීම හේතුවෙන් විශාල ප්‍රමාණයක් සීනි ආනයනය කර ඇති බැවින් මෙලෙස සංචිතයක් පවතින බවද අමාත්‍යවරයා සදහන් කළේය.
මෙවැනි කාලසීමාවක වැටලීම් සහ අනෙකුත් පීඩාවට පත්වන ක්‍රමවේද නිසා විශාල ගැටලුවක් සෑම කෙනෙකුටම ඇති වන බවද, එම නිසා මෙම නීති රාමුව තුළම නොසිට අනෙකුත් ක්‍රමවේදයන් ඔස්සේද මෙම සහන ලබාදීමට රජය උත්සාහ කරන බව අමාත්‍යවරයා සදහන් කළේය. පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දැනුවත් කර ඇති බවත්, අදාළ මිලට සීනි ලබාදීමට අවශ්‍ය නීතිමය විධි විධාන සකස් කර ඇති බවත්, කැබිනට් සම ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ගෑස් තත්ත්වය පිළිබදව ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඇතැයිද, සෑම පැත්තක්ම කළමනාකරණය කරගනිමින් මෙම අවස්ථාවේ අසීරු ගමනක් යෑමට රජයට සිදුවුවද රජය සෑම විටම තීන්දු තීරණ ගන්නේ පාරිභෝගිකයාගේ පැත්තේ සිට බව අමාතයවරයා අවධාරණය කළේය.
එමෙන්ම පවතින කිරිපිටි හිඟය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩල රැස්විමේදී තීරණය වී තිබේ. කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව ප්‍රමාණවත් කිරිපිටි තොග දේශීය වෙළෙඳපොළට සැපයීම තහවුරු කර ගැනිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කල බවය. කිරිපිටි ආනයනය කිරීම සඳහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරිම මඟින් හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මඟින් හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ද දේශීය කිරිපිටි ඉහල නැංවීම ගැනද එහිදි තීරණය වී ඇත.