පොදු ස්ථාන මූලික කර ගනිමින් පාරිසරික හා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්

0

පොදු ස්ථාන මූලික කර ගනිමින් පාරිසරික හා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ අවධානය යොමු වී තිබේ.  ඒ අනුව මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්ත‍මේන්තුව,පේරාදෙණිය ඛනිජ තෙල් සංස්ථාව, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව සහ සිංහ සමාජ සාමාජිකයන්ගේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ආදි විද්‍යාර්ථීන් ගේ සහයෝගීතාවයෙන් පේරාදෙණිය , බලන, කඩුගන්නාව, නානුඔය සහ පට්ටිපොල යන දුම්රිය ස්ථාන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම ව්‍යාපෘතිය සදහා සූදානම් කිරීමට නියමිත අතර, එහි සමාරම්භක අවස්ථාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගම‍ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය දුම්රිය ස්ථානයේදී (5) සිදුවිය.

මෙම වැඩසටහනට සමගාමීව පේරාදෙණිය දුම්රිය ස්ථානයේ රුක් රෝපණ වැඩසටහනක් ද ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, 1867 වර්ෂය තරම් ඉතිහාසයකට උරුම කම් කියන පේරාදෙණිය දුම්රිය ස්ථානය පාදක කරගනිමින් මෙවැනි සංවර්ධන ව්‍යාපෘතින් මීට  ප්‍රථම සිදුකළ යුතුව පැවති බවත්, මෙම පාරිසරික සංවර්ධන වැඩසටහන යටතේ හෝ මෙවැනි ඵෙතිහාසික වටිනාකමක් ඇති දුම්රිය ස්ථානයක් සංවර්ධනය වීම ඉතා වැදගත් බවයි. මෙම අවස්ථාව සදහා පේරාදෙණිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා. ආණ්ඩුකාර සහකාර ලේකම්වරයා සහ සිංහ සමාජයේ සාමාජික සමාජිකාවන් එක් ව සිටියේය..