තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක්

0
By: අශන්ති වරුනසුරිය
මේවන විට එන්නත්කරණය සිදු වන බවට දැනුම් දුන්නත් එන්නත්වල හිඟයක් ඇති බවට වාර්තා වේ. ගම්පහ බොහෝ ප්‍රදේශ වල අද දිනයේ දී ලබා දීමට තිබූ සයෝනොෆාර්ම් දෙවන මාත්‍රාව ලබා ගැනීමට ගිය ජනතාවට එන්නත් නොමැති වීමෙන් ආපසු හැරී එන්නට සිදුවිය.
මේ හේතුවෙන් මහර සෞක්‍ය කාර්යාලය අසලදී දැඩි දුෂ්කරතාවයට මුහුණ දුන් ජනතාව දෝෂාරෝපණය කරමින් නැවත හැරී එන අයුරු දක්නට ලැබිණි.
කෙසේවෙතත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20  (06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින්ගේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මෙම එන්නත් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවය.