මහනුවර දිස්ත්‍රීක්කයේ මොඩෝනා එන්නත්කරණය සාර්ථකයි

0
By: අශන්ති වරුනසුරිය 
මහනුවර දිස්ත්‍රීක්කය තුල මොඩෝනා ප්‍රතිදේහ එන්නත්කරණ සාර්ථක බව මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකොන් මහතා පවසයි.
 මහනුවර දිස්ත්‍රීක්කය ආවරණය වන පරිදි ස්ථාන කිහිපයකදීම එම එන්නත්කරණ කටයුතු සිදුවිය. දිගු පෝලීන් වලින් තොරව මෙම එන්නත්කරණ කටයුතු සිදුවන අයුරු දක්නට ලැබු අතර, එන්නත්කරණ කටයුතු වලට සහභාගී වු ජනතාව රජයේ එන්නත්කරණ වැඩසටහන සදහා සිය ස්තූතිය පළ කර සිටියේය. මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකොන් මහතා ද මෙම එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර තිබුණි