කොරෝනා ප්‍රබේධ දෙකක් වැලදීමේ විරල සිද්ධියක්

0
බ්‍රිතාන්‍යයෙන් හමු වූ ඇල්ෆා ප්‍රභේදය හා දකුණු අප්‍රිකාවෙන් හමු වූ බීටා ප්‍රභේදය ආසාදනය වීමෙන් බෙල්ජියමේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
 අනූ හැවිරිදි මෙම කාන්තාවකට මෙම කොරෝනා ප්‍රබේධ දෙක එකවර වැළඳී ඇත. වයිරස ප්‍රභේද දෙකක් ආසාදනය වීම ඉතාමත් විරල සිද්ධියක් ලෙස විශේෂඥයින් පෙන්වා දෙයි. කෙසේ වුවද මෙමගින් පැහැදිලි වන්නේ වයිරස ප්‍රභේද කිහිපයක් වුවද එක් පුද්ගලයෙකුට එකවර වැළදිය හැකි බවය. මේ ආකාරයේම පුවතක් බ්‍රසීලයෙන්ද වාර්තා වන අතර එරට පුද්ගලයින් දෙදෙනෙකුට වයිරස ප්‍රභේද දෙකක් ආසාදනය වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි