වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය නවීන ලෝකයට ගැලපෙන පරිදි – රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල –

0

වරාය නගරය සක්‍රීයව ඉදිකිරීම ආරම්භවීමත් සමග එහි අවශ්‍යතාවයට ගැලපෙන පරිදි පියවරෙන් පියවර  පුහුණු වෘත්තීකයින් එයට සම්බන්ධ කරන අයුරු පිළිබද සාකච්ඡාවක්  ඊයේ (07) දින නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ ව්‍යාපෘතිය භාර නිළධාරීන් අතර නිපුණතා පියසේදී පවත්වන ලදී.

මෙහිදී  වැඩිදුරටත්  අදහස් දක්වමින් අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ  වෘත්තීය පුහුණු  ක්ෂේත්‍රය නවීන ලෝකයට ගැලපෙන පරිදි ඉතා ඉක්මණින් යාවත්කාලීන කල යුතු බවත්, එමගින් වරාය නගරයේ එක් එක් පියවර වලදී ඊට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් නියමිත පරිදි ලබා දිය හැකි බවත්ය. විශාල රැකියා ප්‍රමාණයක් එක වර උත්පාදනය වන බැවින් ඊට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයින් නුතන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට  වෘත්තීය පුහුණු ආයතන වෙත එක් එක්  වගකීම් වෙන් වශයෙන් පැවරීමද මෙහිදී අමාත්‍යවරිය විසින් සිදු කරන ලදී. එමෙන්ම NVQ සහතික ලබා රැකියා වියුක්තියෙන් පෙලෙන තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවන ලදී. එම තරුණ පිරිස් නැවත රැස් කර  ඔවුණට වරාය නගරයේ නූතන තාක්ෂණයට  ගැලපෙන පරිදි දැණුම යාවත්කාලින කර හැකි ඉක්මනින් එම පිරිස  වරාය නගරයේ අවශ්‍යතාවයන් සඳහා යොමු කරන ලෙසද උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම එම පිරිස් වල භාෂා දැනුම හා තොරතුරු තාක්ෂණ දැනුම (IT) වරාය නගරයට ගැලපෙන පරිදි යාවත්කාලින කිරීම සඳහා ද මෙහිදී අවධානය යොමු විය.

පළමුවෙන් පටන් ගන්නා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ඉදිකිරීම්, විදුළි , ජලනල, වායුසමීකරණ, දැනුම ඇති කණ්ඩායම්  හැකි ඉක්මණින් සුදානම් කරණ ලෙස මෙහිදී සියලු නිළධාරීන්ට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජීක ආචාර්ය පියත්බන්ධු වික්‍රම මහතා ඇතුඵ එහි නිළධාරීන්, අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මීය ඇතුඵ අමාත්‍යංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයේ නිළධාරීන් සහභාගී වුහ.