බැසිල්ගේ දිවුරුම් දීමත් සමඟ අළුත්වූ මහින්ද

0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේය.
8වනදා ඔහු මෙලෙස දිවුරුම් දෙන බව Thesundayreader අපද කලින් වාර්තා කල අතර ඒ අනුව ඔහු අද ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙලෙස දිවුරුම් දුන්නේය.
එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථීක ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම්දී ඇත. ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
ආර්ථීක ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය ඊයේ නව අමතයන්ශයක් ලෙස ගැසට් කෙරිණි
ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තෝරා පත්කර ගත් අතර ඒ මහතාගේ නම ඊයේ (07) ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව පැවසෙන්නේ ජයන්ත කැටගොඩ මහතාට ඉහළ තානාන්තරයක් ලැබීමට නියමිත බවය. ඒ අනුව පැවසෙන්නේ ඕස්ට්‍රේලියාවේ තානාපතිධූරයක් ලැබෙන බවය.