ජ්‍යෙ. නි. පොලිස්පති අජිත් රෝහණ වැඩ භාර ගනී

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ මහතා අද පෙරවරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන හා අපරාධ ලෙස වැඩ භාර ගත්තේය.
බත්තරමුල්ල පිහිටි එම කාර්යාලයේදී, මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගනිමින් චාම් උත්සවයකදී වැඩභාරගැනීම සිදුවිය. සෞඛ්‍ය නීරෝධායන රීතීන්ට අනුගතව සියළු කටයුතු සිදුවිය.
ඒ මහතා යටතේ අපරාධ දිසාව,මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථවාහන පාලනය හා මර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව යන දිසා 04 මෙන්ම ඊට අදාල කොට්ඨාශ 11 ද අයත්වේ.