ඩෙල්ටා අවධානම

0
රට තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා හේතුවෙන් දෛනික කොවිඩ් මරණවල අඩුවීමක් දක්නට ලැබෙන බවත් ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රථිපල තවත් මසක පමණ කාලයකදී දැන ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පවසන්නීය.
ඩෙල්ටා ප්‍රභේදය කොළඹ ඇතුළු තවත් බාහිර ප්‍රදේශ කිහිපයකිනුත් එක්ක තවත් රෝගීන් 14ක් හඳුනාගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී අපි යම් සාමාන්‍ය තත්ත්වයක් දකින්නේ සති 3කට පෙර රට ලොක්ඩවුන් කරලා රෝගය පාලනයට කටයුතු කරපු නිසා. ඒ නිසා මරණවල අනුපාතය අඩුවීමක් තියෙනවා. දැන් බෝවන රෝගයේ ප්‍රතිඵල දකින් අපිට තවත් මාසයක් විතර යනවා. ඒ කාලය වෙනකොට අපිට පාලනයක් යොදන්න හැකියාවක් නැතිවෙයි. හැබැයි අපේ නොසැලකිල්ල නිසා මේ රෝගය ඉතාමත්ම වේගයෙන් ලංකාව පුරාම පැතිරෙනවා කියලා කියන්න පුළුවන්.” යනුවෙන් විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය අදහස් පළ කළාය.
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට රැගෙනවිත් තිබේ. මෙම එන්නත් තොගය මෙරටින් මුදල් ගෙවා ලබාගත් සිව්වන එන්නත් මාත්‍රා තොගය වෙයි