ක්‍රිකට් වලට ශක්තිමත් දෙවන පෙළක්

0
By: අශන්ති වරුනසුරිය
ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවැනි පෙළ ක්‍රීඩකයන් ගොඩනැගීම සඳහා සැලැස්මක් සකස් කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය අවුරුදු 5 – 6ක සිට පසුපෙළ ක්‍රීඩකයින් ව නිර්මාණය නොවූ බව පවසන අමාත්‍යවරයා පවසන්නේ මේ වන විට දෙවන පෙළ ක්‍රීඩකයන් සෑම ක්‍රීඩා අංශයකින්ම නිර්මාණය වෙමින් තිබෙන බවයි.
මේවන විට සංචාර ආරම්භ කර ඇති බවත් ක්‍රිකට් 19 පහළ සංචිතය දීර්ඝ කාලීන සැලැස්මකට ගෙන යන බවත් ඒ සඳහා 17 පහළ ක්‍රීඩකයන් සහභාගී කර ගන්නා බවද ඔහු පැවසුවේය. “මොකද අවුරුදු 2කට සැරයක් තමයි ලෝක කුසලානය එන්නේ. මේ ක්‍රමවේදය කඩා වැටුන නිසා තමයි අපිට මේ තත්ත්වය උදාවුණේ“ අමත්‍යවරයා එසේ ද පැවසුවේය.