බැසිල් 8වනදා දිවුරුම් දෙයි ද ?

0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබන 8 වැනිදා දිවුරුම් දීමට නියමිතව ඇත.
ඔහුට එම අවස්ථාව ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට නියමිත අතර දැනට ඒ සඳහා කිහිපදෙනකුම සූදානමින් සිටින බව පැවසේ.
ඒ අනුව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකු ඉල්ලා අස්වීමට සුදානම්ව සිටින බවත් පසුව මුදල් සම්බන්ධ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ඇති බවද වාර්තා වේ.
 දැනට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 27 දෙනකු සිටින බවත් එම නිසා තවත් ඇමැතිවරයෙකුට දිවුරුම් දිය හැකි බව ද සඳහන් වේ.