ඩෙල්ටාවෙන් බේරෙන්න නම්

0
මෙතෙක් ලංකාවේ පැවති ප්‍රභේද වලට වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි විභවතාවයක් පවතින මෙම ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග covid පැතිරීම තීව්‍ර දීමේ අවධානමක් ඇතිවේ.  ඩෙල්ටා ප්‍රභේදය මුලින් හදුනාගත් ප්‍රදේශ හැරුණු කොට වෙනත් ස්ථානවලින් එය වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය පුරුදු කඩ නොකර සිටියහොත් මෙම වයිරසය පාලනය කළ හැකි බවයි සෞඛ්‍ය අංශ තවදුරටත් පෙන්වා දෙයි
කෙසේවෙතත් ඩෙල්ටා පැතිරීම වලක්වා ගැනීමට නම් අප අත්‍යාවශ්‍යයෙන්ම ගත යුතු පියවර කිහිපයක් ඇත. අනික් සෑම ප්‍රභේදයක් ම වගේම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාම අවම කිරීමටත් ඉතාමත්ම තීරණාත්මක සාධකය වන්නේ අප විසින් හැකිතාක් අවදානම් අවස්ථා මග හැරීම බව සෞක්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන
2. ජනෙල් දොරවල් වසා ඇති හොඳ වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ
3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථාන
එවැනි අවදානම් ස්ථාන අතරින් ප්‍රධාන වනවා.
ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇතිවිය හැකි අධි වසංගත තත්ත්වයකට රට ගමන් නොකිරීමට නම් වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි ස්ථාන මගහැර සිටීම බව ඔවුන් කියයි.
යම්කිසි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යෑමට සිදු වුවහොත්, සියලු ආරක්ෂක පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කිරීම මත කෙනකුගේ ආරක්ෂාව තීරණය වන බැවින් මෙවැනි සෞක්‍ය ආරක්ෂණ විධි අනුගමනය කරන්නැයි ඔවුන් පවසයි.
1. නිවැරදි පරිදි මුඛ ආවරණ පැළඳීම
2. දෑත් පිරිසිදුව තබා ගැනීම
3. එකිනෙකා අතරේ අවම වශයෙන් මීටර් දෙකක වත් දුර පවත්වා ගැනීම
මේ අතරින් ඉතා වැදගත් වනවා
එමෙන්ම ඔබට යම් හෙයකින් උණ සෙම්ප්‍රතිශ්‍යා කැස්ස වැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙන කිසිම දෙයකට නිවසෙන් පිට නොවීමත් වැදගත්ය. මෙය ඔබගේ සමාජ වගකීමකි.
ඔබ මේ වන විට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති අයකු වුවද, ඔබටත් කොව්ඩි රෝගය වැළඳීමේ යම් අවදානමක් තිබේ.  එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව නිසා, ඔබට දැඩි සත්කාර අවශ්‍ය හෝ මාරාන්තික අවස්ථාවකට පත් වීමට ඇති ඉඩකඩ අඩු වුවද, ඔබ විසින් ඔබේ පවුලේ ආදරණීයයන්ට රෝගය සම්ප්‍රේෂණය කිරීමක් සිදුවිය හැකිය.
සංචරණ සීමා වල යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදු වන අවස්ථාවකදී, ඉහත උපදෙස් අකුරටම පිළිපැදීම තුලින් ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් අන් කොවිඩ් ප්‍රභේද වලින් වගේම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙනුත් ආරක්ෂාව සපයා ගත හැකිය.