සතුන්ගෙන් මිනිස්සුන්ට කොවිඩ් බෝ වීමක් නැහැ

0

By: අශන්ති වරුනසුරිය

නිවෙස් වල වාසය කරන සුරතල් සතුන්ගෙන් කොවිඩ් වෛරසය මිනිසාට බෝවිය හැකි අවස්ථාවක් ලෝකයේ මෙතෙක් වාර්තා වී නැති බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
නමුත් මේ ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව ඔවුන් වැඩි දුරටත් පවසයි. එමෙන්ම ඔවුන් පවසන්නේ දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමත් සමග සතුන් හරහා වෛරසය ආසාදනය වන බවට පැතිරයන ප්‍රකාශයන්වල සත්‍යතාවක් නොමැති බවය.
පශු වෛද්‍ය පීඨයේ අණුක විද්‍යා සහ ජෛව රසායන අංශයේ මහාචාර්ය ඩිලාන් සතරසිංහ මහතාගේ යටතේ දැනට මෙම PCR පරීක්ෂණ කෙරීගෙන යනවා. ජනතාවට දියයුතු පණිවුඩය තමයි තමුන්ගේ නිවසේ වාසය කරන සුරතල් සතුන්ගෙන් මෙම වෛරසය මිනිසාට බෝවිය හැකි අවස්ථාවක් ලෝකයේ මෙතෙක් වාර්තා වෙලා නෑ. නමුත් පරීක්ෂණ කෙරීගෙන යනවා. යනුවෙන් එම සංගමයේ සභාපති සභාපති වෛද්‍ය ඵරන්දික ගුණවර්ධන මහතා පැවසුවේය.