තෙල්මිල වැඩි වීම – අමාත්‍ය උදයගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය

0
By : අශන්ති වරුනසුරිය 
අමාත්‍ය උදයගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට පක්ෂ වනවාද යන්න පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ සාකච්චා කරමින් සිටියි.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය එළඹෙන සතියේදී කථානායකවරයාට භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අප සමඟ පැවසුවේය. කොවිඩ් අර්බුදය හමුවේ ජනතාව අසීරුතාවට පත්ව ඇති අවස්ථාවක ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (16) දිනයේ අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීය.
ඒ අනුව ඒ සම්බන්දයෙන් අප කල විමසුමට පිළිතුරු දෙමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ මෙතෙක් ඒ ගැන ජවිපෙ තීරණයක් නැති බවත් ඒ ගැන පක්ෂයේ සාමාජිකයන් සාකච්චා කරන බවත්ය.
මේගැන වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ “හරිනම් විශ්වාශභංගයක් ගෙන ඒමට අවශ්‍ය මුදල් ඇමති විදියට මහින්ද රාජපක්ෂ මහතාට, ගම්මන්පිලට නෙමෙයි” යනුවෙනි.
මේවන විට තෙල් මිල වැඩි වීම අල්ලා බේකරි නිෂ්පාදන ද වැඩිවී තිබේ. ඊට සමගාමීව බස්ගාස්තු මෙන්ම ගෑස් මිලද ඉහල යාමට සාකච්චා පවතී. සියල්ල හමුවේ ජනතාවද මෙම වැඩිකිරීම් වලට එරෙහිව විරෝධය පල කරමින් සිටි.
තෙල්මිල වැඩි වීම ජනතා විමුක්ති පෙරමුණ තරයේ හෙලා දකී. මේවන විට ජනතාවගේ ජීවන බරට මෙය දරා ගත නොහැකි බව පවසමින් ඔවුන් පවසන්නේ වහාම තෙල් මිල අඩුකළ යුතු බවය.