එන්නත් 30ලක්ෂ 27,654ක් ලබා දී අවසන්

0
By: අශන්ති වරුනසුරිය 
කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා මෙරට ජනතාවට තිස් ලක්ෂ 27,654ක් ලබා දී ඇත.
කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 294 දෙනෙකුට ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 33,552ක් වන අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පිරිස 63,596 දෙනෙකි.
කොවිඩ් ප්‍රතිශක්තීකරණය යටතේ දිවයින පුරා එන්නත්කරණ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක අතර ඒ අනුව ඊයේ එන්නත් මාත්‍රා 97,442ක් ලබා දී තිබේ