කොවිඩ් මරණ වාර්තාවන්ට අනුව මරණ සිදුවීම් වේගයෙන්

0
By: අශන්ති වරුනසුරිය 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද දත්ත අනුව මෙරට පළමු කොවිඩ් මරණ 500 වාර්තා වීමට දින 343ක් ගතවී ඇති බව පෙන්වා දෙයි. ඔවුන්ට අනුව දෙවන මරණ 500 වාර්තා වීම සඳහා දින 72ක කාලයක් ගතවී ඇත.
නමුත් එම වාර්තාවන්ට අනුව අවසන් කොවිඩ් ආසාදිත මරණ 1000 වාර්තා වීම සඳහා ගතව ඇත්තේ දින 23ක් පමණි. ඒ අනුව මෙරට ප්‍රතිශතය ගණනය කිරීමේදී වේගයෙන් සිදුවන බව සෞක්‍ය අංශ පෙන්වා දෙයි.
ඊයේ දිනය තුලදී මෙරට තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 101කි. ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011ක් දක්වා ඉහළ ගියේය.
එමෙන්ම මේ වන විට ස්පුට්නික් V එන්නත් මාත්‍රා 65,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 15,000ක් ද එහි අන්තර් ගත වන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ  කළේය. එම දෙවන මාත්‍රාව මීට පෙර පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට සහ ඉතිරි එන්නත් 50,000 මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කොරෝනා එලෙස සිදු වෙද්දී පාස්කු සම්බන්දයෙන්ද විමර්ශන සිදු වෙමින් තිබේ. ඒ අනුව 2018 වර්ෂයේ දි සහරාන් හසීම් ඇතුළු 05 දෙනෙකුට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය   කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එක් අයෙක් 45 හැවිරිදි ඔහු කහටගස්දිගිලිය මුකරියාව උපතැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.මඩකලපුව බන්ධනාගාර ගතව සිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 35 පුද්ගලයෙකු අන්තවාදි මත ප්‍රචාරය කිරීම හා සහරාන් හෂිම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්ඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි.
මේවන විට දිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක් එලෙස හුදකලාභාවයෙන් ඉවත් කර තිබේ. දැනට පනවා ඇති සංචරණ සීමාවන් එළඹෙන 14 වැනි දා අලුයම 04.00ට ඉවත් කිරීමට ගත් තීරණය මෙතෙක් කිසිදු වෙනසක් නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
සංචරණ සීමා තවත් දීර්ඝ කරනු ඇතැයි සමාජජාලාවල පලවන අදහස් වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
එහෙත් මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන නිසා එම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ප්‍රතිකාර ලබාදීමේදී සෞඛ්‍ය ඉතා දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.