අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10ක පවුල් 52,695ක් පිඩාවට

0
Picture Courtesy: indipendant.co.uk
By: අශන්ති වරුනසුරිය 
දිස්ත්‍රික්ක 4ක නිකුත් කෙරුණු නාය අනතුරු රතු නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. කළුතර,කෑගල්ල,නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහායි,මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මේ අතර ගං වතුරෙන් විපතට පත් පාදුක්ක ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල බලප්‍රදේශය තුළ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා එම ජනතාවගේ නිවෙස් වෙත ගොස් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වවුචර් පත් බෙදා දීම ඊයේ සිදු කෙරිණ.
අයහපත් කාලගුණයෙන් ඇතිවූ බලපෑම් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එක් අයෙකු අතුරුදන්ව පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 5 දෙනෙකු ද ගම්පහ,රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රිකවලින් පුද්ගලයින් තිදෙනෙකු බැගින් ද මියගොස් තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ දෙකක් හා කොළඹ හා ගාල්ල දිස්ත්‍රික්කවලින් පුද්ගල මරණ එක බැගින් වාර්තා වෙයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ,අයහපත් කාගලුණ තත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 87ක පවුල් 52,695ක පුද්ගලයින් දෙලක්ෂ 7,882 දෙනෙකු පීඩාවට පත්ව ඇත.