නව කොරෝනා ප්‍රභේද ග්‍රීක අක්ෂර වලින්

0
Picture courtesy: webmd.com
කොරෝනා වයිරසයේ නව ප්‍රභේද නම් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත. බ්‍රිතන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන්  හා ඉන්දියාවෙන් හමුවූ කොරෝනා වයිරස නව ප්‍රභේද හැඳින්වීමට මෙම නව නාමකරණය හඳුන්වා දී ඇත.
ඒ සඳහා ග්‍රීක අක්ෂර යොදාගෙන ඇත. බ්‍රිතාන්‍ය ප්‍රභේදය හැඳින්වීම‌ට ඇල්ෆා අක්ෂරය ද දකුණු අප්‍රිකා ප්‍රභේදයට බීටා අක්ෂරය ද ඉන්දියානු නව ප්‍රභේදය හැඳින්වීමට ඩෙල්ටා අක්ෂරය ද යොදාගෙන ඇත බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. මෙම නව නාමකරණය තුළින් නව වයිරස ප්‍රභේදයන් හැඳින්වීමේ දී මතුවන ගැටලුකාරී තත්ත්වය වලක්වාලිය හැකි බව එම සංවිධානය තවදුරටත් පවසයි.
එමෙන්ම එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීම සදහා ගෝලීය වශයෙන් එකගතාවකට පැමිණීමට කාලය එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හ්නෝම් පවසන්නේ වෛරසය පාලනයට සූදානම් වීම හා ඒ සදහා ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට තවමත් ලෝකය සූදානම් නොමැති බවය.
 මේවන විට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ගත වූ පැය 24 ට ඉන්දියාවෙන් වෛරස ආසාදිතයන් එක්ලක්‍ෂ විසිහය දහස් හයසිය අනූඅට දෙනෙකු ද මරණ සංඛ්‍යාව 2782 ක් සිදු වී ඇත. මේ වන විට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි අසූ දෙලක්‍ෂයකට ආසන්නය
සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ තිස්එක්දහස් නවසිය නවයකි.