21වනදා රාත්‍රී 11 සිට 25 අලුයම 4.00 දක්වා දිවයිනටම සංචරණ සීමා

0
21වනදා රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පනවනු ලබ සංචරණ සීමා ලබන 25 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වේ.
 නැවත මැයි මස 25 වන අඟහරුවාදා රාත්‍රී 11.00  සිට 28 වන දා අලුයම 4.00 දක්වා යළි සංචරණ සීමා ක්‍රියාත්මක වේ.
කොවිඩ් වෛරස ව්‍යාප්තිය සහ වෙසක් සතිය නිමිත්තේ සිදුවන මහජන ඒකරාශිවීම් වැළැක්වීම සඳහා අදාළ පියවර ගත් බව යුද හමුදාපති පවසයි.
සංචරණ සීමා ලිහිල් වන 25 වන දින ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරව යා හැකි ය.
කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා කටයුතු සඳහා සංචරණ සීමා පැනවීම බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.