පාස්කු ප්‍රහාරය සම්බදන්යෙන් පංති පැවැත්වූ පුද්ගලයන් 7ක් TID අත්අඩංගුවට

0
මුර්තූර් සහ ඔලුවිල් යන ප්‍රදේශවල අන්තවාදී අදහස් පතුරවමින් පන්ති පැවැත් වූ තවත් පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අන්තවාදි පන්ති සංවිධාන කළ පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාම් හෂිම්ගේ මෙහෙයවීම යටතේ 2018 වසරේ සැකකරු විසින් එම ප්‍රදේශවල අන්තවාදි පන්ති පවත්වා ඇත.
සැකකරු මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මොහොමඩ් සහිම් නමැති පුද්ගලයෙකු වන අතර අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් ඇති අතර ඔහු 21 වන දින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනිමට නියමිතවිය.