මෙරට එන්නත්කරණය වේගයෙන්

0
Picture courtesy: bbc.com
By : අශන්ති වරුනසුරිය
ඇමෙරිකානු එන්නත මෙරටට ජුනි මාසය වන විට ලැබෙනු ඇතැයි රාජ්‍ය ඖශධ නියාමන කොමිසම පවසයි. එන්නත් ආනයනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු වේගයෙන් ඔවුන් සිදු කරන බවත් ඊට අවශ්‍ය ලියකියවිලි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලින් කඩිනමින් සිදුවන බවද කොමිසම පැවසුවේය. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වැනි ඇමරිකානු එන්නත් අවශ්‍ය කෝටා ලබා දෙන කල් සිටින බවද ඉල්ලුම් කර ඇති ලක්ෂ 6ක මාත්‍රාව ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.
මේවන විට ලක්ෂ 12 වැඩි පිරිසකට එන්නත් කර ඇත. ඒ අනුව එන්නත් වේගයෙන් මෙරටට ලබා ගැනීමේ කටයුතුද සිදු කරමින් යන බව අමාත්‍ය සුධර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මිය පැවසුවේය.
එමෙන්ම ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගෙන තිබූ පොලිස් නිලධාරීන්ට 500කට එහි දෙවන මාත්‍රාව ඊයේ ලබා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ලබා දී ඇත.
ඊයේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 925,242ක් සඳහාත් දෙවන මාත්‍රාව 292,457ටත් ලබාදී ඇති අතර සයිනොෆාම් පළමු මාත්‍රාව 424,823 ටත් දෙවන මාත්‍රාව 2,435ටත් ලබා දී තිබේ. “ස්පුට්නික් V” එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ගණන 14,699 කි.